1
ගීතාවලිය 30:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද, සුළු මොහොතකට පමණි උන්වහන්සේගේ කෝපය, එහෙත් දිවි හිමි තුරාවට ය, උන්වහන්සේගේ ආදර කරුණාව; පුරා රැයක් කඳුළු සැලීමෙන්, ගෙවී යා හැකි නමුදු, උදෑසන ම ප්රීතිය උදා වෙයි.
Compare
Explore ගීතාවලිය 30:5
2
ගීතාවලිය 30:11-12
ඔබ, මගේ වැලපීම, ප්රීති නැටුමකට හැරවූ සේක; මා හැඳි ගෝණි රෙදි ඉවත් කර, ප්රීතිය මට හැඳ වූ සේක. එසේ කළේ, නිහඬ ව නො සිට, මා ඔබට පැසසුම් ගී ගයන පිණිස ය; අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, සදහට ම, මම ඔබට ස්තුති කරන්නෙමි.
Explore ගීතාවලිය 30:11-12
3
ගීතාවලිය 30:2
අහෝ මගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්ස, පිහිට පතා මම ඔබ අබියස හඬා වැටුණෙමි; ඔබ මා සුවපත් කළ සේක.
Explore ගීතාවලිය 30:2
4
ගීතාවලිය 30:4
ස්වාමින්වහන්සේට පැසසුම් ගී ගයන්න, උන්වහන්සේගේ ශුද්ධවන්තයිනි, උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට ස්තුති පුදන්න.
Explore ගීතාවලිය 30:4
5
ගීතාවලිය 30:1
මම මහ ඉහළින් ඔබ පසසන්නෙමි, අහෝ ස්වාමින්වහන්ස, මන්ද ගැඹුරේ සිට ඔබ උඩට මා ඇදගත් බැවිනි; මගේ වැටීමේදී සතුරනට මා ගැන උදම් වීමට ඔබ ඉඩ නො තැබූ බැවිනි.
Explore ගීතාවලිය 30:1
Home
Bible
Plans
Videos