1
ගීතාවලිය 143:10
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබගේ කැමැත්ත කරන්නට මට ඉගැන්නුව මැනව, මන්ද මගේ දෙවියන්වහන්සේ ඔබ ය; ඔබගේ යහපත් ආත්මයාණන් සමතලා බිමක මට මගපෙන්වාවා!
Compare
Explore ගීතාවලිය 143:10
2
ගීතාවලිය 143:8
ඔබගේ නොමියෙන ප්‍රේමය ගැන උදෙන් ම මට අසන්නට ලැබේවා, මන්ද මම ඔබ තුළ විශ්වාසය තබමි. මා යා යුතු මග මට පෙන්නුව මැනව, මන්ද මගේ ජීවය මා ඔසවන්නේ ඔබට ය.
Explore ගීතාවලිය 143:8
3
ගීතාවලිය 143:9
මගේ සතුරන්ගෙන් මා මුදා ගත මැනව, අහෝ ස්වාමින්වහන්ස, සරණ පතා මා දුව ආවේ ඔබ වෙතට ය.
Explore ගීතාවලිය 143:9
4
ගීතාවලිය 143:11
ඔබගේ නාමයේ ගෞරවය උදෙසා, මගේ ජීවිතය සුරකිනු මැනව, අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ධර්මිෂ්ඨත්වය මගින්, මගේ ජීවය මේ කරදර-විපත්වලින් පිටතට ගත මැනව.
Explore ගීතාවලිය 143:11
5
ගීතාවලිය 143:1
අහෝ ස්වාමින්වහන්ස, මගේ යාච්ඤාව ඇසුව මැනව, දයාව ඉල්ලා කරන මොර ගැසීමට සවන් දුන මැනව; ඔබගේ විශ්වාසවන්තකමින් හා ඔබගේ ධර්මිෂ්ඨකමින් මට උත්තර දුන මැනව.
Explore ගීතාවලිය 143:1
6
ගීතාවලිය 143:7
වහා මට පිළිතුරු දෙන්න. අහෝ ස්වාමින්වහන්ස, මගේ ආත්මය මැලවී යයි. ඔබගේ මුහුණ මවෙතින් නො සැඟවුව මැනව; මා වළට බැස ගිය එකකු සේ නො වේවා.
Explore ගීතාවලිය 143:7
7
ගීතාවලිය 143:5
ඉස්සර දවස් මට මතක ය; ඔබගේ සියලු වැඩ ගැන මම මෙනෙහි කරමි; ඔබගේ අත්වල වැඩ ගැන ආවර්ජන කරමි.
Explore ගීතාවලිය 143:5
Home
Bible
Plans
Videos