1
හිතෝපදේශ 3:5-6
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබේ ම අවබෝධයෙහි පිහිටා නො සිට, ඔබේ මුළු හදින් ම ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න. ඔබේ හැම මාර්ගයක් ම උන්වහන්සේට පිළිගන්වන්න; එවිට උන්වහන්සේ ඔබේ හැම මාවතක් ම ඇද නැති ඒවා කරනු ඇත.
Compare
Explore හිතෝපදේශ 3:5-6
2
හිතෝපදේශ 3:7
ඔබ ප්‍රඥාවත් යැයි ඔබ ම තක්සේරු කර නො ගන්න; ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ව නපුරෙන් දුරුවන්න.
Explore හිතෝපදේශ 3:7
3
හිතෝපදේශ 3:9-10
ඔබේ සියලු අස්වනුවල නාඹුල් පල සමඟ ඔබේ ධන සම්පතින් ස්වාමින්වහන්සේට ගෞරව කරන්න. එවිට ඔබේ අටු-කොටු ධන ධාන්‍යයෙන් පිරී ඉතිරී යන්නේ ය; අලුත් මිදි යුෂවලින් ඔබේ මිදි යුෂ පීප්ප උතුරා-ගලා යන්නේ ය.
Explore හිතෝපදේශ 3:9-10
4
හිතෝපදේශ 3:3
දයා-ප්‍රේමයත්, විශ්වාසවන්තකමත් ඔබගෙන් ඈත් ව නො යේවා! ඒවා ඔබ ගෙල බැඳ ගන්න; හදවත් පුවරුවේ ලියා තබා ගන්න.
Explore හිතෝපදේශ 3:3
5
හිතෝපදේශ 3:11-12
මා පුත, ස්වාමින්වහන්සේගේ උපදෙස සුළු කොට නො තකන්න; උන්වහන්සේගේ තරවටුවට උරණ නො වන්න. පියකු තමන්ට ප්‍රිය පුතු හික්මවන්නා සේ, ස්වාමින්වහන්සේ තමන් ප්‍රේම කරන්නවුන් හික්මවන සේක.
Explore හිතෝපදේශ 3:11-12
6
හිතෝපදේශ 3:1-2
මා පුත, මගේ ඉගැන්වීම් අමතක නො කරන්න; මගේ ආඥා ඔබේ හදේ රඳවා තබා ගන්න. මන්ද ඒවා ඔබේ ජීවිතයේ දවස් හා අවුරුදු කාල ප්‍රමාණය ද ඔබට සාමය හා සමෘද්ධිය ද වැඩි කර දෙන්නේ ය.
Explore හිතෝපදේශ 3:1-2
7
හිතෝපදේශ 3:13-15
ප්‍රඥාව සොයන මිනිසා, අවබෝධය අත්කර ගන්න මිනිසා, භාග්‍යවත් ය. මන්ද එය රිදීවලට වඩා පලදායි ය; රත්රන්වලට වඩා වැඩි සම්පත් උපදවා දෙන්නේ ය. ප්‍රඥාව රතුකැට මැණිකට වඩා අගනේ ය; ඔබ ආශා කරන කිසිවකටවත් එය සම කළ නො හේ.
Explore හිතෝපදේශ 3:13-15
8
හිතෝපදේශ 3:27
කරන්නට බලය ඔබ අත තිබියදී, උපකාර ලැබිය යුත්තාට සෙත සැලසීමෙන් නො වළකින්න.
Explore හිතෝපදේශ 3:27
9
හිතෝපදේශ 3:19
ස්වාමින්වහන්සේ පොළෝ අත්තිවාරම් ලූයේ ප්‍රඥාව මගිනි; උන්වහන්සේ අහස ස්ථානගත කළේ අවබෝධය මගිනි.
Explore හිතෝපදේශ 3:19
Home
Bible
Plans
Videos