1
යෙසායා 65:24
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔවුන් අයදින්නට පෙර මම උත්තර දෙන්නෙමි. ඔවුන් කතා කරද්දී ම මම සවන් දෙන්නෙමි.
Compare
Explore යෙසායා 65:24
2
යෙසායා 65:17
“මෙන්න! මම අලුත් අහස් හා අලුත් පොළොවක් මවන්නෙමි. පළමු දේවල් මතක් කරනු ලබන්නේවත්, ඒවා සිහියට නැගෙන්නේවත් නැත.
Explore යෙසායා 65:17
3
යෙසායා 65:23
ඔවුන් නිරර්ථක ලෙස වෙහෙසවන්නේවත්, දුක්ඛිත ඉරණමකට දරුවන් බිහි කරන්නේවත් නැත. මන්ද ඔවුහු ද ඔවුන් සමඟ ඔවුන්ගේ දරු පරපුර ද ස්වාමින්වහන්සේගෙන් ආශිර්වාද ලද්දෝ වෙති.
Explore යෙසායා 65:23
4
යෙසායා 65:22
අනුන්ගේ පදිංචියට ඔවුන් ගෙවල් තනන්නේ නැත. අනුන්ගේ පරිභෝජනයට ඔවුන් වගා කරන්නේ නැත. මගේ ජනයාගේ ආයු කාලය, වෘක්ෂයක ආයු කාලය මෙන් වන්නේ ය. මගේ තෝරා ගත්තවුන් තම අත්වල පල දිගු කල් භුක්ති විඳිනු ඇත.
Explore යෙසායා 65:22
5
යෙසායා 65:20
“ටික දිනකින් අකාලයේ මියැදෙන ළදරුවකු මෙන් ම පරම ආයුෂ නො විඳ මියැදෙන මහල්ලකු යළි එහි නො වනු ඇත. සිය වන වයසේ මියයන්නා ගණන් ගැනෙන්නේ යෞවනයකු කියා ය. සිය වන වියට පා නො තැබූ කෙනකු ගණන් ගැනෙන්නේ ශාප ලද්දකු කියා ය.
Explore යෙසායා 65:20
6
යෙසායා 65:25
වෘකයා හා බැටළු පැටවා එක් ව තණ බුදිනු ඇත. සිංහයා ගවයකු සේ පිදුරු කනු ඇත. එහෙත් සර්පයාගේ ආහාරය දූලි ම වන්නේ ය. මගේ මුළු ශුද්ධ කන්ද මත ඔවුන් කිසි හානියක්, විනාශයක් කරන්නේ නැතැ” යි ස්වාමින්වහන්සේ පවසන සේක.
Explore යෙසායා 65:25
7
යෙසායා 65:19
මම යෙරුසලම ගැන ප්රීති ප්රමෝද වන්නෙමි; මගේ ජනයා තුළෙහි ප්රමෝද වන්නෙමි. වැලපීමේ හඬක් හා විපත්තියේ විලාපයක් ඒ තුළ තවත් ඇසෙනු නැත.
Explore යෙසායා 65:19
Home
Bible
Plans
Videos