1
යෙසායා 25:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
අහෝ ස්වාමින්වහන්ස, ඔබ මගේ දෙවියන්වහන්සේ ය. මම ඔබ උසස් කරන්නෙමි; ඔබේ නාමයට ප්රශංසා කරන්නෙමි. මන්ද ඈත අතීතයේ සැලසුම් කළ ආශ්චර්යවත් දෑ, පරිපූර්ණ විශ්වාසී භාවයෙන් යුතු ව ඔබ ඉෂ්ට කළ සේක.
Compare
Explore යෙසායා 25:1
2
යෙසායා 25:8
උන්වහන්සේ, මරණය සදහට ම ගිල දමන සේක. පරමාධිපති ස්වාමින්වහන්සේ සියලු මුහුණුවලින් කඳුළු ඉවත ගසා දමන සේක. උන්වහන්සේ තම ජනතාවගේ නින්දාව, මුළු පොළෝ තලයෙන් පහ කර දමන සේක. මන්ද ස්වාමින්වහන්සේ කතා කර ඇත.
Explore යෙසායා 25:8
3
යෙසායා 25:9
ඒ දවසේ මෙසේ කියනු ඇත: “මෙන්න! මේ අපේ දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ අප ගලවන පිණිස, අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමු. මුන්වහන්සේ ස්වාමින්වහන්සේ ය. අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමු. උන්වහන්සේගේ ගැලවීමෙහි අපි ප්රීති වෙමු; ප්රමෝද වමු.”
Explore යෙසායා 25:9
4
යෙසායා 25:7
සියලු ජාතීන් වසා ගත් වැසුම් තිරය, සියලු ජනයින් මත අතුළ ආවරණය, උන්වහන්සේ මේ කන්ද මතදී ගිල දමන සේක.
Explore යෙසායා 25:7
5
යෙසායා 25:6
සේනාංකවල ස්වාමින්වහන්සේ මෙම කන්ද මත සියලු ජනයින්ට රසමසවුලෙන් යුතු පරණ කළ මිදි යුෂවලින් යුතු මංගල සාදයක් පිළියෙල කරන සේක. එම ප්රිය සාදය ඉතා හොඳ මසින් ද ඉස්තරම් මිදි යුෂවලින් ද යුතු වෙයි.
Explore යෙසායා 25:6
Home
Bible
Plans
Videos