මිනිසුන් මිහි පිට වැඩි වන්නට පටන් ගෙන, ඔවුනට දූවරුන් උපන් කල, මිනිස් දූවරුන් සුරූපී වග දුටු දේව-පුත්රයෝ තමන් රිසි වූ අය තම භාර්යාවන් කොට ගත්හ. ස්වාමින්වහන්සේ එවිට, “මගේ ආත්මය සදහට ම මිනිසා සමඟ විවාද කරන්නේ නැත. මන්ද ඔහු මාංසමය වන බැවිනි. ඔහුගේ ආයු කාලය වසර එකසිය විස්සක් වනු ඇතැ” යි කී සේක.
එකල්හිත්, ඉන්පසුවත් යෝධයෝ මිහි පිට විසූහ. දේව-පුත්රයින් මිනිස් දූවරුන් වෙත එළැඹි කල්හි ඔවුනට පුතුන් ලැබිණ. ඉපැරණි වීරයන් වූ කීර්තිමත් මිනිස්සු ඔවුහු ය.