“එම්බා යූදා, ඔබේ සහෝදරයෝ ඔබ පසසන්නාහ.
ඔබේ අත, ඔබේ සතුරන්ගේ ගෙල මත තබනු ඇත.
ඔබේ පියාගේ පුතුන් ඔබට වැඳ වැටෙනු ඇත.
යූදා සිංහ පැටවෙකි.
මා පුත, ගොදුර කා නුඹ හැරී යයි.
ඔහු බිම වැතිරෙන්නේත්, හාන්සි වී සිටින්නේත් සිංහයකු මෙනි;
සිංහ ධේනුවක මෙනි. ඔහු නැගිටුවන්නට සමතා කවුරු ද?