ඉන්පසු ඔහු යෝසෙප්ට ආශිර්වාද කරමින්,
“මගේ පියවරුන් වන ආබ්රහම් හා ඊසාක්
හැසිරුණු අභිමුඛය හිමි දෙවියන්වහන්සේ,
මේ දවස දක්වා මගේ ජීවිතය පුරා
මගේ එඬේරාණන් වූ දෙවියන්වහන්සේ,
සියලු උවදුරින් මා ගැලවූ දේව දූතයාණන්වහන්සේ,
මේ දරුවනට ආශිර්වාද කරන සේක්වා!
මගේ නාමයෙන් ඔවුහු අමතනු ලබත්වා!
මගේ පියවරුන් වන ආබ්රහම්ගේ ද ඊසාක්ගේ ද නාමය ලබත්වා!
මේ මිහිතලය මත
ඔවුහු අතිශයෙන් වැඩි වෙත්වා!” යි
පැවසී ය.