අප වහලුන් වුවත් අපේ දෙවියන්වහන්සේ අපේ වහල්කමේදී අප අත්හැර නැත. පර්සියාවේ රජවරුන්ගේ ඇස් හමුවෙහි උන්වහන්සේ අපට කරුණාව පෙන්වා ඇත: අපේ දෙවියන්වහන්සේගේ ගෘහය යළි ඉදිකරන්නටත්, එහි කැඩුම්-බිඳුම් පිළිසකර කරන්නටත් උන්වහන්සේ අපට පිබිදීමක් ප්රදාන කළ සේක. උන්වහන්සේ අපට යූදාහි හා යෙරුසලමේ රැකවරණයේ පවුරක් දුන් සේක.