1
එසකියෙල් 12:28
සිංහල කාලීන පරිවර්තනය
SCV
“එබැවින් ඔවුන්ට මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මගේ එක වචනයකුදු තවත් පමා නො වේ. මා පවසන කවරක් වුව ඉටු කරනු ලැබේ ය කියා පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක’ ” යනුවෙනි.
Compare
Explore එසකියෙල් 12:28
2
එසකියෙල් 12:25
එහෙත් ස්වාමින්වහන්සේ වන මම මා කැමති පරිදි පවසන්නෙමි. පමා නො වී ඒ දෑ ඉටු කරනු ලැබේ. එම්බා කැරලිකාරී වංශය, මා පවසන කවරක් වුව නුඹලාගේ දවස්වලදී ඉෂ්ට කරන්නෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක’ ” යනුවෙනි.
Explore එසකියෙල් 12:25
3
එසකියෙල් 12:2
“මනුෂ්‍ය පුත්‍රය, ඔබ වාසය කරන්නේ කැරලිකාරී ජනතාවක් අතරේ ය. බලන්නට ඔවුන්ට ඇස් ඇතත්, ඔවුන් බලන්නේ නැත. අසන්නට ඔවුන්ට කන් ඇතත් ඔවුන් අසන්නේ නැත. මන්ද ඔවුහු කැරලිකාරී වංශයකි.
Explore එසකියෙල් 12:2
Home
Bible
Plans
Videos