1
දේශනාකරු 3:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
හැම දේකට ම සමයක් ද අහසින් යට හැම කටයුත්තකට ම කාලයක් ද ඇත
Compare
Explore දේශනාකරු 3:1
2
දේශනාකරු 3:2-3
උපදින්නට කාලයක් සහ මියැදෙන්නට කාලයකි, සිටුවන්නට කාලයක් සහ සිට වූ දෑ උදුරා දමන්නට කාලයකි, මරන්නට කාලයක් සහ සුව කරන්නට කාලයකි, කඩා දමන්නට කාලයක් සහ ගොඩ නගන්නට කාලයකි
Explore දේශනාකරු 3:2-3
3
දේශනාකරු 3:4-5
හඬන්නට කාලයක් සහ සිනාසෙන්නට කාලයකි, ශෝක වන්නට කාලයක් සහ නටන්නට කාලයකි, ගල් විසුරුවන්නට කාලයක් සහ ඒවා රැස් කරන්නට කාලයකි, වැලඳ ගන්නට කාලයක් සහ එයින් වළකින්නට කාලයකි
Explore දේශනාකරු 3:4-5
4
දේශනාකරු 3:7-8
ඉරන්නට කාලයක් සහ මහන්නට කාලයකි, නිහඬ ව ඉන්න කාලයක් සහ කතා කරන්නට කාලයකි, ප්‍රේම කරන්නට කාලයක් සහ ද්වේෂ කරන්නට කාලයකි, යුද්ධයට කාලයක් සහ සාමයට කාලයකි.
Explore දේශනාකරු 3:7-8
5
දේශනාකරු 3:6
සොයන්නට කාලයක් සහ නැති වෙන්න හරින්නට කාලයකි, තබා ගන්නට කාලයක් සහ ඉවත දමන්නට කාලයකි
Explore දේශනාකරු 3:6
6
දේශනාකරු 3:14
දෙවියන්වහන්සේ කරන කවරක් වුව සදා පවතින වග මම දනිමි. ඊට කිසිවක් එකතු කිරීම හෝ එයින් කිසිවක් ඉවත් කිරීම කළ නො හැකි ය. දෙවියන්වහන්සේ එය කර ඇත්තේ මනුෂ්‍යයා, උන්වහන්සේට ගෞරව කරන පිණිස ය.
Explore දේශනාකරු 3:14
7
දේශනාකරු 3:17
මම මට ම මෙසේ කියා ගතිමි: “දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨයාත්, දුෂ්ටයාත් විනිශ්චය කරන සේක. මන්ද හැම කටයුත්තකට ම වේලාවක් තිබේ; හැම ක්‍රියාවකට ම වේලාවක් තිබේ.”
Explore දේශනාකරු 3:17
Home
Bible
Plans
Videos