1
දේශනාකරු 2:26
සිංහල කාලීන පරිවර්තනය
SCV
දෙවියන්වහන්සේ තමන්ට ප්‍රිය මනුෂ්‍යයාට ප්‍රඥාව ද අවබෝධය ද ප්‍රීතිය ද දෙන සේක; තවද දෙවියන්වහන්සේට ප්‍රිය වූ අයට හිමි වන පිණිස වස්තුව රැස් කර ගබඩා කර තබන්නට පව්කරුවාට උන්වහන්සේ වැඩ සලසන සේක. මෙය ද නිරර්ථකයක් ය. සුළඟ අල්ලන්නට හඹා යෑමක් ය.
Compare
Explore දේශනාකරු 2:26
2
දේශනාකරු 2:24-25
කා බී සෑහී, තම වැඩ ගැන සෑහීමට පත් වීමට වඩා හොඳක් මනුෂ්‍යයකුට නැත; එය ද දෙවියන්වහන්සේ අතින් ලැබෙන්නක් වග මම දකිමි. මන්ද උන්වහන්සේගෙන් තොර ව ආහාර පාන හා ප්‍රීතිය භුක්ති විඳිය හැක්කේ කවරකුට ද?
Explore දේශනාකරු 2:24-25
3
දේශනාකරු 2:11
එහෙත් මා දෑතින් කර ඇති දෑ හැම ද ඒ දෑ අත්කර ගන්නට මා දැරූ වෙහෙස ද කල්පනාවට ගත් කල, සැබවින් ම, ඒ හැම දේ නිරර්ථක ය; සුළඟ අල්ලන්නට හඹා යෑමක් ය; හිරුට යට ප්‍රයෝජනයක් ඇත්තේ නැත.
Explore දේශනාකරු 2:11
4
දේශනාකරු 2:10
මගේ ඇස ආශා කළ කිසිවක් මවෙතින් මා වළකා ගත්තේ නැත; මා හදේ කිසි සතුටක් මා වැළැක් වූයේ නැත. මගේ හැම පරිශ්‍රමයකින් ම, මගේ හද ප්‍රමෝදවත් විය; මගේ මුළු පරිශ්රමයේ ශුභ පලය එයයි.
Explore දේශනාකරු 2:10
5
දේශනාකරු 2:13
අඥානකමට වඩා ප්‍රඥාව ප්‍රයෝජනවත් වග මම දුටුවෙමි; එය හරියට අන්ධකාරයට වඩා ආලෝකය ප්‍රයෝජනවත් වගේ ය.
Explore දේශනාකරු 2:13
6
දේශනාකරු 2:14
ප්‍රඥාවන්තයාට ඔහුගේ හිසේ ඇස් ඇත; අඥානයා අන්ධකාරයේ ඇවිදියි; එහෙත් මේ දෙදෙනා ම ගොදුරු වන්නේ එක ම ඉරණමකට වග මම වටහා ගතිමි.
Explore දේශනාකරු 2:14
7
දේශනාකරු 2:21
මන්ද යම් කෙනකු තම ප්‍රඥාවෙන්, දැනුමෙන් හා සමත්කමින් කරන තමන් සන්තක කාර්යයන්හි උරුමය ඒ ගැන කිසි වැඩක් නො කළ කෙනකුට හැරපියා යෑමට සිදු වෙයි; මෙය ද නිරර්ථකයක් ය. මහ අවාසනාවක් ය.
Explore දේශනාකරු 2:21
Home
Bible
Plans
Videos