1
1 කොරින්ති 13:4-5
සිංහල කාලීන පරිවර්තනය
SCV
ප්‍රේමය ඉවසිලිවන්ත ය; කරුණාවන්ත ය. ප්‍රේමය ඊර්ෂ්‍යා කරන්නේ නැත; පාරට්ටු කර ගන්නේ නැත; අහංකාර නැත; අසංවර නැත; එය තමන්ගේ ම මතය ගැන බල කරන්නේ නැත. එය වහා කිපෙන්නේ නැත; වරද සිතේ තබා ගන්නේ නැත.
Compare
Explore 1 කොරින්ති 13:4-5
2
1 කොරින්ති 13:7
ප්‍රේමය සියල්ල දරා ගනී; සියල්ල විශ්වාස කරයි. සියල්ල බලාපොරොත්තු වෙයි; සියල්ල ඉවසයි.
Explore 1 කොරින්ති 13:7
3
1 කොරින්ති 13:6
එය වැරදි කිරීමෙහි ප්‍රීති වන්නේ නැත; එහෙත් සත්‍යයෙහි ප්‍රීති වෙයි.
Explore 1 කොරින්ති 13:6
4
1 කොරින්ති 13:13
දැන්, පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය යන තුන ය. මෙයින් වඩා උතුම් වන්නේ ප්‍රේමයයි.
Explore 1 කොරින්ති 13:13
5
1 කොරින්ති 13:8
ප්‍රේමය කිසි කල අවසන් වන්නේ නැත. දිවැස් වැකි පහ වී යයි; අන්‍ය භාෂා නවතිනු ඇත. දැනුම ද පහව යයි.
Explore 1 කොරින්ති 13:8
6
1 කොරින්ති 13:1
මා මිනිසුන්ගේ ද දේව දූතයින්ගේ ද භාෂාවලින් කතා කරන නමුත්, ප්‍රේමය නැති නම්, මා ඝෝෂාකාරී ඝණ්ඨාරයක් හෝ ශබ්දකාරී කයිතාලමක් වැනි ය.
Explore 1 කොරින්ති 13:1
7
1 කොරින්ති 13:2
මට දිවැස් වැකි කීමේ දීමනාව ද සියලු අබිරහස් ගැන වැටහීම හා සකල දැනගැන්ම ද ඇතත්, කඳු එහා මෙහා කරන සම්පූර්ණ ඇදහිල්ල ඇතත්, ප්‍රේමය නැති නම් මම හිස් පුද්ගලයෙක්මි.
Explore 1 කොරින්ති 13:2
8
1 කොරින්ති 13:3
මා සතු සියල්ල මා බෙදා දෙතත්, මගේ සිරුර දවාලන්නට භාර දෙතත්, මට ප්‍රේමය නැති නම්, මට ලැබෙන ප්‍රයෝජනයක් නැත.
Explore 1 කොරින්ති 13:3
9
1 කොරින්ති 13:11
මා ළමයකු ව සිටියදී, මා කතා කළේ ළමයකු ලෙසිනි; මා සිතුවේ ළමයකු ලෙසිනි; තර්ක කළේ ළමයකු ලෙසිනි. මා මිනිසකු වූ කල, ඒ ළමා ගති මම අත්හැර දැමුවෙමි.
Explore 1 කොරින්ති 13:11
Home
Bible
Plans
Videos