1
1 කොරින්ති 12:7
සිංහල කාලීන පරිවර්තනය
SCV
එකිනෙකාට ආත්මයාණන්වහන්සේගේ ප්‍රකාශවීම් දී ඇත්තේ, පොදු යහපත උදෙසා ය.
Compare
Explore 1 කොරින්ති 12:7
2
1 කොරින්ති 12:27
එලෙස ඔබ ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය ය. ඔබ හැම කෙනෙක් ම එහි අවයවය ය.
Explore 1 කොරින්ති 12:27
3
1 කොරින්ති 12:26
එවිට එක් අවයවයක් වේදනා විඳී නම්, සියලු අවයව එය සමඟ වේදනා විඳී; එක් අවයවයක් ගෞරව ලබයි නම්, සියලු අවයව ඒ සමඟ ප්‍රීති වේ.
Explore 1 කොරින්ති 12:26
4
1 කොරින්ති 12:8-10
ආත්මයාණන් මගින් කෙනකුට ප්‍රඥාව කතා කිරීම ද තව කෙනකුට එම ආත්මයාණන්ට අනුකූලව දැනගැන්ම කතා කිරීම ද තව කෙනකුට එම ආත්මයාණන් මගින් ඇදහිල්ල ද එම එක ආත්මයාණන් මගින් තවත් කෙනකුට සුව කිරීමේ දීමනා ද තව කෙනකුට හාස්කම් සිදු කිරීම ද තවත් කෙනකුට දිවැස් වැකි කීම ද තවත් කෙනකුට ආත්ම අතරේ විමසීමේ හැකියාව ද තව කෙනකුට විවිධ භාෂා කතා කිරීම ද එසේ ම තවත් කෙනකුට එම භාෂාවල අර්ථ පහදා දීම ද දී තිබේ.
Explore 1 කොරින්ති 12:8-10
5
1 කොරින්ති 12:11
ස්වකීය අභිමතය පරිදි එක් එක් කෙනාට වෙන් වෙන් වශයෙන් මේ සියල්ල බෙදා, වෙන් කර දී, බලය පවරා දෙන්නේ ඒ එක ම, ආත්මයාණන්වහන්සේ ය.
Explore 1 කොරින්ති 12:11
6
1 කොරින්ති 12:25
එසේ කර ඇත්තේ ශරීරයේ භේද ඇති නො වී, අවයව එකිනෙකට සමාන සැලකිල්ලක් දක්වන පිණිස ය.
Explore 1 කොරින්ති 12:25
7
1 කොරින්ති 12:4-6
විවිධාකාර වූ දීමනා ඇත්තේ ය; එහෙත් එක ම ආත්මයාණන්වහන්සේ ය. විවිධාකාර වූ සේවාවන් ඇත්තේ ය; එහෙත් එක ම ස්වාමින්වහන්සේ ය. විවිධාකාර වූ ක්‍රියාකාරකම් ඇත්තේ ය; එහෙත් සියල්ලන්ට හැම අයුරින් බලය පවරන්නේ එක ම දෙවියන්වහන්සේ ය.
Explore 1 කොරින්ති 12:4-6
8
1 කොරින්ති 12:28
දෙවියන්වහන්සේ සභාව තුළ පළමු කොට අපෝස්තුලුවරුන් ද දෙවනුව දිවැසිවරුන් ද තෙවනුව ගුරුවරුන් ද ඊළඟට හාස්කම් ද ඊළඟට සුව කිරීමේ දීමනා ද උපකාර ද පරිපාලනය හා විවිධ ආකාරයේ භාෂා ද පත් කළ සේක.
Explore 1 කොරින්ති 12:28
9
1 කොරින්ති 12:14
ශරීරය සැදුම් ලද්දේ එක් අවයවයකින් නො ව බොහොමයකිනි.
Explore 1 කොරින්ති 12:14
10
1 කොරින්ති 12:22
සැබවින් ම, සිරුරේ දුබලයයි පෙනෙන අවයව අත්‍යවශ්‍ය වෙයි.
Explore 1 කොරින්ති 12:22
11
1 කොරින්ති 12:17-19
මුළු ශරීරය ඇසක් වී නම්, ඇසීම දැනෙන්නේ කොතැනකට ද? මුළු ශරීරය කනක් වී නම් ගඳ-සුවඳ විඳින්නේ කොතැනින් ද? එහෙත් ශරීරයේ කොටස්, ඒ හැම එකක් ම, ඒ ඒ හැටියට දෙවියන්වහන්සේ සකසා ඇත්තේ ස්වකීය අභිමතය පරිදි ය. ඒ සියල්ල එක ම ශරීරාංගයක් වී නම්, ශරීරය කොයින් ද?
Explore 1 කොරින්ති 12:17-19
Home
Bible
Plans
Videos