1
1 ලේකම් 16:11
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ ද, උන්වහන්සේගේ ශක්තිය ද සොයන්න; නිරන්තරයෙන් උන්වහන්සේගේ මුහුණ සොයන්න.
සසඳන්න
1 ලේකම් 16:11 ගවේෂණය කරන්න
2
1 ලේකම් 16:34
ස්වාමින්වහන්සේට ස්තුති කරන්න; මන්ද උන්වහන්සේ යහපත් ය. උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට ම පවතින්නේ ය.
1 ලේකම් 16:34 ගවේෂණය කරන්න
3
1 ලේකම් 16:8
ස්වාමින්වහන්සේට ස්තුති දෙන්න; උන්වහන්සේගේ නාමයෙන් අයදින්න. උන්වහන්සේ කර ඇති දෑ ජාතීන් අතරෙහි පතළ කරන්න.
1 ලේකම් 16:8 ගවේෂණය කරන්න
4
1 ලේකම් 16:10
උන්වහන්සේගේ ශුද්ධ නාමය තුළ උදම් වන්න; ස්වාමින්වහන්සේ සොයන්නන්ගේ හදවත් සොම්නස් වේවා!
1 ලේකම් 16:10 ගවේෂණය කරන්න
5
1 ලේකම් 16:12
උන්වහන්සේ ඉටු කළ ආශ්චර්යයන් ද උන්වහන්සේ සිදු කළ හාස්කම් ද උන්වහන්සේ ප්‍රකාශ කළ විනිශ්චයන් ද මතකයේ තබා ගන්න
1 ලේකම් 16:12 ගවේෂණය කරන්න
6
1 ලේකම් 16:9
උන්වහන්සේට ගී ගයන්න; උන්වහන්සේට පැසසුම් ගී ගයන්න. උන්වහන්සේගේ ආශ්චර්යවත් සියලු ක්‍රියා ගැන පවසන්න.
1 ලේකම් 16:9 ගවේෂණය කරන්න
7
1 ලේකම් 16:25
මන්ද ස්වාමින්වහන්සේ උතුම් ය; අතිශයෙන් පැසසුම ලැබිය යුත්තාණෝ ය. සියලු දෙවිවරුනට ඉහළින් භය විය යුතු උන්වහන්සේට ය.
1 ලේකම් 16:25 ගවේෂණය කරන්න
8
1 ලේකම් 16:29
පුද දෙන්න ස්වාමින්වහන්සේට උන්වහන්සේගේ නාමයට දිය යුතු ගෞරවය. පූජාවක් රැගෙන උන්වහන්සේ ඉදිරියට එන්න; උන්වහන්සේගේ ශුද්ධත්වයේ ශෝභාශ්‍රීයෙන් යුතු ව, ස්වාමින්වහන්සේට නමස්කාර කරන්න.
1 ලේකම් 16:29 ගවේෂණය කරන්න
9
1 ලේකම් 16:27
ශෝභාශ්‍රීයත්, රාජශ්‍රීයත් උන්වහන්සේ ඉදිරියේ ය; ශක්තිය හා ප්‍රීතිය උන්වහන්සේගේ වාසස්ථානයෙහි ය.
1 ලේකම් 16:27 ගවේෂණය කරන්න
10
1 ලේකම් 16:23
මිහි පිට සියල්ලෙනි, ස්වාමින්වහන්සේට ගී ගයන්න. දවසක් නෑර උන්වහන්සේගේ ගැලවීම ප්‍රකාශ කරන්න.
1 ලේකම් 16:23 ගවේෂණය කරන්න
11
1 ලේකම් 16:24
උන්වහන්සේගේ මහිමය ජාතීන් අතරේ ද උන්වහන්සේගේ ආශ්චර්යවත් ක්‍රියා සියලු ජනයා අතරේ ද පතළ කරන්න.
1 ලේකම් 16:24 ගවේෂණය කරන්න
12
1 ලේකම් 16:22
“මගේ ආලේපය ලද්දවුන්ට අත නො තබනු; මගේ දිවැසිවරුනට අනර්ථයක් නො කරනු” යි කී සේක.
1 ලේකම් 16:22 ගවේෂණය කරන්න
13
1 ලේකම් 16:26
මන්ද ඒ ඒ ජාතීන්ගේ සියලු දෙවිවරු පිළිම රූප පමණක් වේ. එහෙත් අහස් මණ්ඩල මැවුවේ ස්වාමින්වහන්සේ ය.
1 ලේකම් 16:26 ගවේෂණය කරන්න
14
1 ලේකම් 16:15
උන්වහන්සේගේ ගිවිසුම සදාතනික ව ද තමන්වහන්සේ අණ කළ වචනය, පරම්පරා දහසකට ද මතක තබා ගන්න.
1 ලේකම් 16:15 ගවේෂණය කරන්න
15
1 ලේකම් 16:31
ස්වර්ගයෝ සොම්නස් වෙත්වා! පොළොව ප්‍රීති ප්‍රමෝද වෙත්වා! “ස්වාමින්වහන්සේ රජකම් කරන සේකැ” යි ජාතීන් අතරේ පවසන්න
1 ලේකම් 16:31 ගවේෂණය කරන්න
16
1 ලේකම් 16:36
ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට සදාතනයෙන් සදාතනයට පැසසුම් අත් වේවා! එවිට මුළු ජනතාව, “ආමෙන්” සහ “ස්වාමින්වහන්සේට ප්‍රශංසා අත් වේවා!” යි පැවසූහ.
1 ලේකම් 16:36 ගවේෂණය කරන්න
17
1 ලේකම් 16:28
පුද දෙන්න ස්වාමින්වහන්සේට එම්බා ජාති පෙළපත් වාසීනි, පුද දෙන්න ස්වාමින්වහන්සේට ගෞරවය හා ශක්තිය.
1 ලේකම් 16:28 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ