ගණන් 34
34
කානාන් දේශ සීමා
1 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 2“ඉශ්‍රායෙල්වරුනට නියෝග කරමින්, මෙසේ කියන්න: ‘ඔබට උරුමයක් කොට වෙන් කර දෙනු ලබන කානාන් දේශයට ඔබ පිවිසි කල, දේශයේ මායිම් මෙසේ වෙයි:
3“ ‘ඔබගේ දකුණු දිශාවට ඒදොම් දේශ සීමාව ඔස්සේ සීන් කාන්තාරයේ කොටසක් ඇතුළත් වෙයි. ඔබේ දකුණු මායිම, නැගෙනහිරින් ලුණු මුහුදේ කෙළවරින් පටන් ගෙන, 4ගෝනුසු මංකඩ#34:4 ගෝනුසු මංකඩ හෙබ්‍රෙව් අක්‍රබ්බීම් නැගුම දකුණ හරහා සීන් දක්වා පැතිර, එතැනින් කාදෙෂ්-බර්නේයට දකුණෙන් දිවෙයි. එතැනින් එය හසාර්-අද්දාර් තෙක් ගොස්, අස්මොන් පසු කර විහිදී, 5එතැනින් හැරී, ඊජිප්තු ඇළ හා සම්බන්ධ වී, මධ්‍යධරණී මුහුදින් කෙළවර වෙයි.
6ඔබගේ බටහිර මායිම, මධ්‍යධරණී මුහුදු වෙරළ ය. බටහිර දෙස ඔබේ මායිම එයයි.
7ඔබේ උතුරු මායිම සඳහා මධ්‍යධරණී මුහුදේ සිට හෝර් කන්ද දක්වා ඉරක් ඇඳගන්න. 8එය, හෝර් කන්දේ සිට ලෙබෝ-හමාත් දක්වා දිවෙයි. ඉන්පසු සෙදාද් දක්වා යන මායිම, 9සිෆ්රොන් දක්වා දිගට ම විහිදී, හසර්-ඒනාන්හි දී කෙළවර වෙයි. උතුරු දෙස ඔබේ මායිම එයයි.
10ඔබේ නැගෙනහිර මායිම සඳහා හසර්-ඒනාන්හි සිට ෂෙෆාම් දක්වා ඉරක් ඇඳගන්න. 11ෂෙෆාම්හි සිට අයින්හි නැගෙනහිර පැත්තේ පිහිටි රිබ්ලා තෙක් පහළට යන මායිම, කින්නෙරෙත් මුහුදේ නැගෙනහිර බෑවුම් ඔස්සේ විහිදෙයි. 12ඉන්පසු යොර්දාන් ගඟ ඔස්සේ පහළට දිවෙන මායිම, ලුණු මුහුදින් අවසන් වෙයි.
“ ‘සතර දෙසින් වූ මායිම සහිත ව ඔබේ දේශය වනු ඇත්තේ එය යැ’ යි” පැවසූ සේක.
13මෝසෙස් ඉශ්‍රායෙල්වරුනට අණ කරමින්, “පස ඇට දමා උරුමයක් වශයෙන් බෙදා දිය යුතු දේශය මෙයයි. ගෝත්‍ර නවයහමාරට එය දෙන ලෙස ස්වාමින්වහන්සේ නියෝග කොට ඇත. 14මන්ද රූබෙන් ගෝත්‍රයේ ද ගාද් ගෝත්‍රයේ ද මනස්සේ අඩ ගෝත්‍රයේ ද පෙළපත්වලට ඔවුන්ගේ උරුමය ලැබී ඇත. 15මෙම ගෝත්‍ර දෙක හා අඩ ගෝත්‍රයේ ඔවුන්ගේ උරුමය, හිරු නැගෙන දෙසට යෙරිකෝවට නැගෙනහිරින්, යොර්දානට එතෙරින් ලැබී ඇතැ” යි පැවසී ය.
16 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 17“දේශය, උරුමයක් වශයෙන් ඔබ අතරේ බෙදා දෙන්නේ, නාම වශයෙන් පූජක එලෙයාසර් සහ නූන්ගේ පුත් යෝෂුවා ය. 18දේශය බෙදාදීමේ සහායට එක් එක් ගෝත්‍රයෙන් නායකයකු බැගින් පත් කරන්න.
19“ඔවුන්ගේ නාම මේවා ය:
“යූදා ගෝත්‍රයෙන්, යෙෆුන්නෙගේ පුත් කාලෙබ්;
20සිමියොන් ගෝත්‍රයෙන් අම්මිහුද්ගේ පුත් ෂෙමුවෙල්;
21බෙන්යමින් ගෝත්‍රයෙන් කිස්ලෝන්ගේ පුත් එලිදාද්;
22දාන් ගෝත්‍රයෙන් එහි නායක, යොග්ලීගේ පුත් බුක්කී;
23යෝසෙප්ගේ පුත් මනස්සේගේ ගෝත්‍රයෙන් එහි නායක, ඒෆොද්ගේ පුත් හන්නීයෙල්;
24යෝසෙප්ගේ පුත් එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් එහි නායක, ෂිෆ්ටාන්ගේ පුත් කෙමූවෙල්;
25සාබුලොන් ගෝත්‍රයෙන් එහි නායක, පර්ණාක්ගේ පුත් එලිසාෆාන්;
26ඉස්සාකර් ගෝත්‍රයෙන් එහි නායක, අස්සාන්ගේ පුත් පල්ටියෙල්;
27ආෂෙර් ගෝත්‍රයෙන් එහි නායක, ෂෙලොමීගේ පුත් අහීහුද්;
28නෆ්තලී ගෝත්‍රයෙන් එහි නායක, අම්මිහුද්ගේ පුත් පෙදාහෙල් යැ” යි පැවසූ සේක.
29කානාන් දේශයෙන් ඉශ්‍රායෙල් ජනතාවට උරුමය බෙදා දෙන පිණිස, ස්වාමින්වහන්සේ අණ කළ අය ඔවුහු ය.
اکنون انتخاب شده:
ගණන් 34: SCV
هایلایت
کپی
مقایسه
به اشتراک گذاشتن
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: