ගණන් 30
30
බාර-හාර
1ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ ප්‍රධානීන් ඇමතූ මෝසෙස්, “මේ ස්වාමින්වහන්සේ අණ කළ දෑ ය: 2යමෙක් ස්වාමින්වහන්සේට බාරයක් වූ කල හෝ ප්‍රතිඥාවකින් බැඳුණු කල, ඔහු තම වචනය කඩ කිරීම නො කළ යුතු ය. තමා කී හැම දෙයක් ම ඉටු කළ යුතු ය.
3“තම පියාගේ සෙවණේ සිටියදී යම් තරුණියක් ස්වාමින්වහන්සේට බාරයක් වූ කල හෝ ප්‍රතිඥාවකින් බැඳුණු කල හෝ 4ඇගේ පියා, ඇගේ එම බාරය හෝ ප්‍රතිඥාව හෝ ගැන අසා, ඇයට කිසිවක් නො කිවහොත්, ඇය බැඳුණු සියලු බාර ද හැම ප්‍රතිඥාවක් ද වලංගුව පවතී. 5එහෙත් ඇගේ පියා ඒ ගැන ඇසූ කල, ඇයට තහනම් කළහොත්, ඇය බැඳුණු බාර හෝ ප්‍රතිඥා හෝ කිසිවක් වලංගු නො වේ. ඇගේ පියා ඇයට තහනම් කළ බැවින්, ස්වාමින්වහන්සේ ඒවායින් ඇය නිදහස් කරන සේක.
6“බාරයක් වූ හෝ දුර දිග නො බලා යම් ප්‍රතිඥාවක් මුවින් පැවසූ හෝ කාන්තාවක් විවාහ වූවොත්, 7ඇගේ සැමියා ඒ ගැන ඇසූ විට, ඇයට කිසිවක් නො කිවහොත්, ඇගේ බාර ද ප්‍රතිඥා ද යන බැඳුම් වලංගුව පවතී. 8එහෙත් ඒවා ගැන ඇසූ කල, ඇගේ සැමියා ඇයට තහනම් කළහොත්, ඇය බැඳුණු බාරය හෝ දුර දිග නො බලා ඇය බැඳුණු පොරොන්දුව හෝ ඔහු අවලංගු කළා වෙයි. ස්වාමින්වහන්සේ ද ඇය ඉන් නිදහස් කරන සේක.
9“වැන්දඹු වූ හෝ දික්කසාද වූ කාන්තාවක විසින් කරනු ලබන කවර බාරයකට හෝ ප්‍රතිඥාවකට ඈ බැඳී සිටින්නී ය.
10“තම සැමියා හා වෙසෙන කාන්තාවක් බාරයක් වූ කල හෝ ප්‍රතිඥාවකින් බැඳුණු කල, 11ඇගේ සැමියා ඒ ගැන අසා, ඇයට කිසිවක් නො කියා, ඇයට තහනම් නො කළහොත්, ඇය බැඳුණු සියලු බාර හෝ ප්‍රතිඥා හෝ වලංගුව පවතී. 12එහෙත් ඇගේ සැමියා ඒ ගැන ඇසූ කල, ඒවා තහනම් කළහොත්, ඇගේ මුවින් වූ බාර හෝ ප්‍රතිඥා හෝ කිසිවක් වලංගු නො වේ. ඇගේ සැමියා ඒවා අවලංගු කළ බැවින් ස්වාමින්වහන්සේ ඇය ඉන් නිදහස් කරන සේක. 13ඇයගේ කවර බාරයක් හෝ තමා ම යටහත්වීමට දිවුරන ප්‍රතිඥාවක් හෝ අනුමත කිරීමටත්, අවලංගු කිරීමටත් ඇගේ සැමියාට හැකි ය. 14එහෙත් දවසින් දවස ම ඇගේ සැමියා ඒ ගැන කිසිවක් නො කියන්නේ නම්, ඇගේ සියලු බාර හා ඇය බැඳුණු ප්‍රතිඥා ඔහු අනුමත කරන්නේ වෙයි. ඒ පිළිබඳ ඇසූ පසු, ඒ ගැන ඇයට කිසිවක් නො කීමෙන්, ඔහු එය අනුමත කරයි. 15කෙසේ වෙතත්, ඒ ගැන අසා, මද කලකට පසු ඔහු ඒවා අවලංගු කළහොත්, ඇගේ වරදෙහි වගකීම, ඔහු පිට පැවරෙතැ” යි පැවසී ය.
16මිනිසකු හා ඔහුගේ බිරිඳ පිළිබඳව ද පියකු හා ඔහුගේ සෙවණේ පසු වන යොවුන් දියණියක පිළිබඳව ද ස්වාමින්වහන්සේ මෝසෙස්ට දුන් නියෝග මේවා ය.
اکنون انتخاب شده:
ගණන් 30: SCV
هایلایت
کپی
مقایسه
به اشتراک گذاشتن
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: