යොහන් 21
21
ගලීලයේ මුහුද ළඟදී
1මෙයින් පසු යේසුස්වහන්සේ තිබේරියස් මුහුද#21:1 එනම් ගලීලයේ මුහුද අද්දරදී තම ගෝලයින්ට නැවත පෙනුණු සේක. උන්වහන්සේ පෙනෙන්නට වූයේ මෙලෙස ය. 2සීමොන් පේතෘස් ද දිදිමුස් නම් තෝමස් ද ගලීලයේ කානාහි නතානියෙල් ද සෙබදීගේ පුත්‍රයින් ද තවත් ගෝලයින් දෙදෙනෙක් ද එක් ව සිටියදී, 3සීමොන් පේතෘස් ඔවුන් අමතා, “මා මසුන් අල්ලන්නට යනවා” යි කීවේ ය. “අපත් ඔබ සමඟ එනවා” යි ඔවුහු ද ඔහුට කීහ. එබැවින් ඔවුහු පිටත් ව, ඔරුවක නැගුණහ. එහෙත්, ඒ රැයේ ඔවුන් ඇල්ලූ කිසිවක් නැත.
4දවස උදා වෙත් ම යේසුස්වහන්සේ වෙරළේ සිටි සේක. එහෙත් ඒ යේසුස්වහන්සේ වග ගෝලයින් හැඳින ගත්තේ නැත.
5යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දරුවනි, ඔබ ළඟ මසුන් තියෙනවා දැ?” යි ඇසූ සේක.
“නැතැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.
6“ඔරුවේ දකුණු පැත්තෙන් දැල් දමන්න. එවිට හසු වේවි” යි උන්වහන්සේ ඔවුන්ට කී සේක. ඔවුහු එසේ දැල් හෙළූහ. එවිට දැල ඇදගන්නට බැරි තරමට මසුන් තොගයක් ම හසු විය.
7එවිට යේසුස්වහන්සේ ප්‍රේම කළ ගෝලයා පේතෘස්ට කතා කොට, “ඒ ස්වාමින්වහන්සේ යැ” යි කීවේ ය. ඒ ස්වාමින්වහන්සේ වග ඇසූ සීමොන් පේතෘස්, වැඩට ගලවා දමා තිබූ කබාය වහා හැඳ දියට පැන්නේ ය. 8අනෙක් ගෝලයෝ සිටියේ වෙරළට රියන් දෙසියයක්#21:8 මීටර් සියයක් පමණ පමණ නුදුරින් බැවින්, මසුන්ගෙන් යුත් දැල ද ඇදගෙන ඔරුවෙන් ම ආහ. 9ගොඩට ආ කල, දැවෙමින් තිබූ අඟුරු මත මසුන් ද රොටි ද තිබෙනු ඔවුහු දුටුවහ.
10යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ දැන් ඇල්ලූ මාළු ටිකකුත් ගෙනෙන්නැ” යි කී සේක. 11සීමොන් පේතෘස් ඔරුවට ගොඩ වී, දැල ගොඩට ඇද්දේ ය. ලොකු මසුන් එකසිය පනස්තුන් දෙනකු ම හසුව සිටිය ද දැල ඉරී තිබුණේ නැත. 12“එන්න, ඇවිත් කන්නැ” යි යේසුස්වහන්සේ ඔවුන්ට ඇරියුම් කළ සේක. “ඔබ කවුරු දැ?” යි උන්වහන්සේගෙන් අහන්නට එක් ගෝලයකුටවත් ධෛර්යය තිබුණේ නැත. ඒ ස්වාමින්වහන්සේ වග ඔවුහු දැන සිටියහ. 13යේසුස්වහන්සේ පැමිණ, රොටි ගෙන, ඔවුනට බෙදා දුන් සේක; මාළු ද දුන් සේක. 14යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටි පසු, තම ගෝලයනට පෙනුණු තුන් වන අවස්ථාව මෙය ය.
යේසුස්වහන්සේ හා පේතෘස්
15ඔවුන් ආහාර ගත් පසු, සීමොන් පේතෘස් ඇමතූ යේසුස්වහන්සේ, “සීමොන්, යොහන්ගේ පුත්‍රය, මේ අයට වඩා ඔබ මට ප්‍රේම කරනවා දැ?” යි ඇසූ සේක.
ඔහු පිළිතුරු දෙමින්, “එහෙමයි ස්වාමිනි, මා ඔබට ආදරය කරන වග ඔබ දන්නවා” යි උන්වහන්සේට කීවේ ය.
“මගේ බැටළු පැටවුන් පෝෂ්‍ය කරන්නැ” යි උන්වහන්සේ ඔහුට පැවසූ සේක.
16උන්වහන්සේ දෙවන වරටත් ඔහු අමතා, “සීමොන්, යොහන්ගේ පුත්‍රය, ඔබ මට ප්‍රේම කරනවා දැ?” යි ඇසූ සේක.
ඔහු ද පිළිතුරු දෙමින්, “එහෙමයි ස්වාමිනි, මා ඔබට ආදරය කරන වග ඔබ දන්නවා” යි උන්වහන්සේට කීවේ ය.
“මගේ බැටළුවන් රැක බලා ගන්නැ” යි උන්වහන්සේ ඔහුට පැවසූ සේක.
17උන්වහන්සේ තුන් වන වරටත්, “සීමොන්, යොහන්ගේ පුත්‍රය, ඔබ මට ආදරේ දැ?” යි ඔහුගෙන් ඇසූ සේක.
උන්වහන්සේ තුන් වන වරටත්, “ඔබ මට ආදරේ කරනවා දැ?” යි ඇසූ බැවින් පේතෘස්ගේ සිත රිදිණි. ඔහු උන්වහන්සේ අමතා, “ස්වාමිනි, ඔබතුමා හැම දෙයක් ම දනී; මා ඔබට ආදරේ කරන වග ඔබතුමා දන්නවා” යි කීවේ ය.
යේසුස්වහන්සේ ඔහුට කතා කොට, “මගේ බැටළුවන් පෝෂ්‍ය කරන්න. 18සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, තරුණ කාලේ ඔබ ඉඟටිය බැඳ, ඔබ කැමති තැන්හි ඇවිද්දා; එනමුත් මහලු විය පැමිණි කල, ඔබ ඔබේ අත් දිගු කරනු ඇත. එවිට වෙනත් කෙනෙක් ඔබ හඳවා, ඔබ අකමැති තැනකට ඔබ ගෙන යනු ඇතැ” යි කී සේක. 19උන්වහන්සේ එසේ කීවේ, කෙබඳු ආකාරයේ මරණයකින් ඔහු දෙවියන්වහන්සේ ගෞරවයට පමුණුවනවාදැයි පෙන්වා දීමට ය. එසේ කී පසු උන්වහන්සේ, “මා අනුගමන කරන්නැ” යි ඔහුට කී සේක.
20පේතෘස් ආපසු හැරී බැලූ කල, යේසුස්වහන්සේ ප්‍රේම කළ ගෝලයා ඔවුන් පසුපසින් එනවා දැක්කේ ය. (රාත්‍රි භෝජනයේදී උන්වහන්සේගේ ළයට ළං ව හේත්තු වී, “ස්වාමිනි ඔබ පාවා දෙනු ලබන්නේ කවරකු විසින් දැ?” යි ඇසුවේ මොහු ය). 21පේතෘස් ඔහු දුටු කල යේසුස්වහන්සේ අමතා, “ස්වාමිනි, මේ මිනිසා ගැන කෙසේ දැ?” යි ඇසී ය.
22යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා එන තුරු ඔහු හිඳීම මගේ කැමැත්ත නම්, ඒ ගැන ඔබට මොකද? ඔබ මා අනුගමන කරන්නැ” යි කී සේක. 23ඒ කීම නිසා ඒ ගෝලයා නොමැරෙන්නේ ය යන රාවයක් සහෝදරයන් අතර පතළ ව ගියේ ය. එහෙත් ඔහු මැරෙන්නේ නැතැයි යේසුස්වහන්සේ කීවේ නැත. කීවේ, “මා එන තුරු ඔහු හිඳීම මගේ කැමැත්ත නම්, ඒ ගැන ඔබට මොකද?” කියා ය.
24මේ දෑ ලියා, මේ දෑ ගැන සාක්ෂි දෙන ගෝලයා ඔහු ය. ඔහුගේ සාක්ෂිය සත්‍යය බව අපි දනිමු.
25යේසුස්වහන්සේ කළ තවත් බොහෝ දේ වෙයි. ඒවා එකින් එක ලියන ලද්දේ නම්, එසේ ලියනු ලබන පොත් දරන්නට මුළු ලෝකය ම වුවත් මදි යයි මට සිතේ.
اکنون انتخاب شده:
යොහන් 21: SCV
هایلایت
کپی
مقایسه
به اشتراک گذاشتن
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: