උත්පත්ති 19
19
සොදොමේ හා ගොමොරාවේ විනාශය
1දේව දූතයින් දෙදෙන, සවස සොදොමට පැමිණි කල, ලොත් නගර දොරටුවෙහි#19:1 නගර දොරටුවෙහි එනම් නගර දොරටු ප්‍රජා පොළෙහි හිඳ හුන්නේ ය. ලොත් ඔවුන් දුටු කල, ඔවුන් හමු වන්නට නැගිට, මුහුණ බිමට නමා, ආචාර කළේ ය. 2“අහන්න, මා ස්වාමිවරුනි, ඔබේ සේවක මගේ නිවස දෙසට හැරෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. ඔබේ පා සෝදාගෙන, ඔබට රැය ගත කළ හැකියි. පසුව උදෙන් ම නැගිට, ඔබට ඔබේ ගමන යා හැකි යැ” යි පැවසී ය.
ඔවුහු පිළිතුරු දෙමින්, “නැහැ, අප එළිමහන් පිටියේ රැය ගත කරනවා” යි කීහ.
3එහෙත් ඔහුගේ බලවත් පෙරැත්තය නිසා, ඔහු සමඟ ආ ඔවුහු ඔහුගේ නිවසට පිවිසියහ. ඔහු මුහුන් නුමුසු රොටි පුලුස්සා, ඔවුනට භෝජන පිළියෙල කළෙන්, ඔවුහු ආහාර ගත්හ. 4ඔවුන් නින්දට යෑමට පෙර, සොදොම් පුර හැම පෙදෙසක ම තරුණ හා මහලු පිරිමි හැම දෙනෙක් ඒ නිවස වට කළහ. 5ඔවුහු ලොත්ට හඬ ගසමින්, “කෝ, කොහේ ද අද රෑ නුඹ වෙත ආ මිනිසුන්? අපට ඔවුන් සමඟ රති කෙළියේ යෙදෙන්නට ඔවුන් අප වෙත පිටතට ගෙනෙනු” යි කීහ.
6ලොත් ඔවුන් හමුවට පිටතට අවුත්, තමාට පිටුපසින් දොර වසා, 7ඔවුන් අමතමින්, “එපා, මගේ සහෝදරයිනි, ඔය දුෂ්ටකම කරන්න එපා. 8මේ අහන්න! දූවරු දෙදෙනෙක් මට ඉන්නවා. ඔවුන් කන්‍යාවන්. මම ඔවුන් නුඹලා වෙත ගෙනෙන්නම්. කැමති දෙයක් ඔවුන්ට කරන්නට නුඹලාට පුළුවනි. මේ මිනිසුන්ට නම් කිසිවක් කරන්න එපා. මන්ද ඔවුන් මගේ වහල යට රැකවරණයට පැමිණි අය යැ” යි කීවේ ය.
9එහෙත්, “අහකට පලයන්” යි පිළිතුරු දුන් ඔවුහු, “මේ මිනිහා මෙහි ආවේ පිටස්තරයකු ලෙසයි. දැන්! නඩුකාරයෙක් වෙන්නයි හදන්නේ. ඔවුන්ටත් වඩා තදබල ලෙස නුඹට කරන්නෙමු” යි කීහ. මෙසේ ඔවුහු ලොත් තෙරපවමින්, දොර බිඳින පිණිස පෙරට ඇදෙන්නට වූහ.
10එහෙත් ඇතුළත සිටි දෙදෙන අත් දිගු කර, ලොත් ඇතුළට ඇදගෙන, දොර වසා දැමූහ. 11ඉන්පසු ඔවුහු දෙදෙන නිවසේ දොර අසල සිටි තරුණ, මහලු යන මිනිසුනට දොර සොයාගත නො හැකි වන සේ ඔවුන් අන්ධ කළහ.
12ඉන්පසු ලොත් ඇමතූ ඔවුහු දෙදෙන, “කවුරු ද ඔබට මෙහි සිටින්නේ? බෑණාවරුන්, පුතුන්, දූවරුන් හෝ මේ නගරයේ සිටින ඔබේ පවුලට අයත් අන් කවුරුන් වුවත් ඔවුන් මෙතැනින් ඉවතට ගෙන යන්න. 13මේ නගරය විනාශ කරන්නටයි අප යන්නේ. මේ නගර ජනයාට එරෙහිව ස්වාමින්වහන්සේ වෙත නැගෙන කෑ මොර ගැසීම අතිශයෙන් බරපතළයි. එබැවින් මෙය විනාශ කර දමන්නට උන්වහන්සේ අප එවුවා” යි කීහ.
14එබැවින් ලොත් තම දූවරුනට විවාහ වී සිටි තම බෑණාවරුන් හමුවට පිටත් ව ගොස්, “ඉක්මන් කරන්න. මෙතැනින් ඉවත් වෙන්න; ස්වාමින්වහන්සේ මේ නගරය විනාශ කරන්නට යනවා” යි කීවේ ය. එහෙත් ඔහුගේ බෑණාවරුන්ට පෙනී ගියේ, ඔහු විහිළුවක් කරන සෙයකි.
15උදයට පහන් වෙත් ම, දේව දූතයෝ ලොත් උනන්දු කරවමින්, “ඉක්මනට, මෙහි සිටින ඔබේ බිරිඳත්, ඔබේ දූවරුන් දෙදෙනාත් ගෙන යන්න. නැතහොත්, නගරයට දඬුවම් දෙන කල, ඔබත් වැනසී යාවි” යි කීහ.
16එහෙත් ලොත් සුනංගු වනු දුටු ඒ මිනිස්සු, ඔහු වෙත වූ ස්වාමින්වහන්සේගේ දයාව නිසා ලොත්ගේ, ඔහුගේ බිරිඳගේ හා ඔහුගේ දූවරුන් දෙදෙනාගේ අත්වලින් ඇදගෙන ගොස්, නගරයෙන් පිටතට සුරැකි ව ඔවුන් ඇරලූහ. 17එසේ පිටතට ඔවුන් ඇරලූ විගස ඔවුන් ඇමතූ ඒ දෙදෙනාගෙන් කෙනෙක්, “ජීවිත බේරා ගන්නට පලා දුවන්න; පසු පස හැරී බලන්න එපා; තැන්නේ කිසි තැනක නවතින්න එපා. කඳුකරයට ම පලා යන්න; නැතහොත් ඔබ වැනසී යාවි” යි පැවසී ය.
18එහෙත් ලොත් ඔවුන්ට කතා කොට, “එසේ නො වෙයි මා ස්වාමිවරුනි, 19ඔබේ සේවකයාට ඔබගෙන් උපකාර ලැබී, මගේ ජීවිතය බේරා දීමෙන් ඔබ මට ඉමහත් කරුණාවක් පෑවා. එහෙත් මට කඳුකරයට පලා යන්න බැහැ. මේ විපත්තිය මට ඉස්සර වී, මා මැරී යනු ඇති. 20අර බලන්න, අර නගරය නම් පලා යා ගන්නට ළඟයි. එය කුඩායි. එහි පලා යන්න මට ඉඩ දෙන්න. එය ඉතා කුඩා එකක් නො වේ ද? එවිට මගේ ජීවිතය ගැලවෙනු ඇතැ” යි කීවේ ය.
21උන්වහන්සේ පිළිතුරු දෙමින්, “හොඳයි, මම ඒ ඉල්ලීමත් ඉටු කරමින් ඒ නගරය විනාශ නො කර සිටින්නම්. 22ඉක්මනින් එහි පලා යන්න. ඔබ එහි ළඟා වන තෙක් මට කිසිවක් කළ නො හැකි යැ” යි පැවසූ සේක. එබැවින් ඒ නගරය සොවර්#19:22 සොවර් එනම් කුඩා නමින් හැඳින්විණ.
23ලොත්, සොවර් වෙත ළඟා වන විට පොළොවට හිරු උදා වී තිබිණ. 24එකල ස්වාමින්වහන්සේ ගිනි ඇවිළෙන ගෙන්දගම් වැස්සක්, ස්වාමින්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් සොදොම් හා ගොමොරා පිටට වැස්සවූ සේක. 25මෙසේ උන්වහන්සේ එම පුරවර ද මුළු මහත් තැන්න ද පුරවරවල විසූ සියල්ලන් ද ඒ බිමේ වැවී තිබූ ගහ කොළ ද සමඟ විනාශ කර දැමූ සේක. 26ලොත්ගේ බිරිඳ, ඔහුට පිටුපසින් ආපසු හැරී බැලුවා ය; එවිට ඇය ලුණු කණුවක් බවට පත් විණ.
27පසු දා අලුයම් උදෙන් පිබිදි ආබ්‍රහම්, ස්වාමින්වහන්සේ අබියස නැවතී සිටි ස්ථානයට ආපසු ගියේ ය. 28ඔහු සොදොම් හා ගොමොරා දෙස නෙත් හෙළා, මුළු තැනිතලා බිම් පෙදෙස දෙස බැලී ය. එවිට මෙන්න! උදුනක දුමක් මෙන් ගන දුම් කඳක් ඒ දේශයෙන් නැගෙනු ඔහු දුටුවේ ය.
29දෙවියන්වහන්සේ තැනිතලාවේ නගර විනාශ කළ කල්හි උන්වහන්සේ ආබ්‍රහම් සිහි කළ සේක. ලොත් පදිංචි ව සිටි නගරය විනාශ කළ විපත්තියෙන් උන්වහන්සේ ලොත් මුදා යැවූ සේක.
ලොත් සහ දූවරු
30ලොත්, සොවර්හි විසීමට භය වූයෙන්, සොවර් අතහැර, තම දියණියන් දෙදෙනා ද කැටිව කඳුකරයට ගොස්, පදිංචි විය. තම දියණියන් දෙදෙනා සමඟ ඔහු වාසය කළේ ගල් ලෙනක ය. 31දිනක් වැඩිමල් තැනැත්තී, බාල තැනැත්තිය අමතා, “අපේ පියා දැන් මහලුයි. ලෝක සිරිතට අනුව අප හා එක් වන්නට පිරිමියකු මේ පළාතේ නැහැ. 32එන්න, අපි අපේ පියාට මිදි යුෂ පොවා, මත්කර, ඔහු හා සයනය කරමු. එසේ කොට, අපේ පියා මගින් අපේ වංශය රැක ගනිමු” යි කීවා ය.
33එදින රැයේ ඔවුහු ඔවුන්ගේ පියාට මිදි යුෂ පෙවූහ. පසුව, වැඩිමල් තැනැත්තී, ගොස්, ඔහු හා සයනය කළා ය. එහෙත්, කවර විටෙක ඇය තමා හා සයනය කළා ද, කවර විටෙක ඇය නැගිට ගියාදැයි යන කිසිවක් ඔහු නො දත්තේ ය.
34ඊළඟ දවසේ බාල දියණිය ඇමතූ වැඩිමල් තැනැත්තී, “ඊයේ රෑ මගේ පියා සමඟ මා සයනය කළා. අද රෑත් අපි ඔහුට මිදි යුෂ පොවමු. ඔබ ගොස්, ඔහු හා සයනය කරන්න. එවිට අපේ පියා මගින් අපේ වංශය රැක ගන්නට අපට පුළුවනැ” යි කීවා ය. 35ඒ රැයේ ද ඔවුහු තම පියාට මිදි යුෂ පෙවූහ. බාල දියණිය ගොස්, ඔහු හා සයනය කළා ය. මෙවර ද කවර විටෙක ඇය තමා හා සයනය කළා ද, කවර විටෙක ඇය නැගිට ගියාදැයි යන කිසිවක් ඔහු නො දත්තේ ය.
36මෙසේ ලොත්ගේ දූවරු දෙදෙන ඔවුන්ගේ පියා නිසා ගැබ් ගත්හ. 37වැඩිමල් දියණිය පුතකු ලැබ, ඔහුට මෝවබ්#19:37 මෝවබ් හෙබ්‍රෙව් ශබ්ද අරුතින් පියාගෙනි යන නම තැබුවා ය. වර්තමාන මෝවබ්වරුන්ගේ ආදි පියා මොහු ය. 38බාල දියණිය ද පුතකු ලැබ ඔහුට බෙන්-අම්මී#19:38 බෙන්-අම්මී එනම් මගේ ජනයාගේ පුත්‍රයා යන නම තැබුවා ය. වර්තමාන අම්මොන්වරුන්ගේ ආදි පියා ඔහු ය.
اکنون انتخاب شده:
උත්පත්ති 19: SCV
هایلایت
کپی
مقایسه
به اشتراک گذاشتن
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: