1
යොහන් 6:35
සිංහල කාලීන පරිවර්තනය
SCV
එවිට යේසුස්වහන්සේ, “ජීවනදායක රොටි මමයි; මා වෙත එන කවරකුට වුවත්, කිසි කල සාගිනි නො වේ. මා අදහා ගන්නා කවරකුට වුවත්, කිසි කල පිපාස නො වේ.
مقایسه
යොහන් 6:35 را جستجو کنید
2
යොහන් 6:63
ජීවනය දෙන්නේ ආත්මයාණෝයි. මාංසය ප්‍රයෝජනවත් නො වේ. මා ඔබට පැවසූ වචන ආත්මය හා ජීවනයයි.
යොහන් 6:63 را جستجو کنید
3
යොහන් 6:27
දිරා ජරාවට යන ආහාර සඳහා නො වෙහෙසී, මනුෂ්‍ය පුත්‍රයාණන් ඔබට දෙන සදාතන ජීවනයට පවතින ආහාර සඳහා වෙහෙසෙන්න. මන්ද උන්වහන්සේ පිට පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ තම මුද්‍රාව තබා ඇතැ” යි පැවසූ සේක.
යොහන් 6:27 را جستجو کنید
4
යොහන් 6:40
මන්ද මගේ පියාණන්වහන්සේ කැමැත්ත නම්, ස්වකීය පුත්‍රයාණන් දෙස බලා, උන්වහන්සේ අදහා ගන්න හැම කෙනකු ම සදාතන ජීවනය ලැබීමයි. අවසාන දවසේදී මම ඔහු නැගිටුවන්නෙමි” යි පැවසූ සේක.
යොහන් 6:40 را جستجو کنید
5
යොහන් 6:29
යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ කාරිය මෙයයි; උන්වහන්සේ එවූ තැනැත්තාණන් ඔබ අදහා ගැනීමයි” කී සේක.
යොහන් 6:29 را جستجو کنید
6
යොහන් 6:37
පියාණන්වහන්සේ මට දෙන සැවොම මා කරා එන්නෝ ය; මා වෙත එන කවරකු වුවත් කිසි කල මා ඉවත දමන්නේ නැත.
යොහන් 6:37 را جستجو کنید
7
යොහන් 6:68
සීමොන් පේතෘස් උන්වහන්සේට පිළිතුරු දෙමින්, “ස්වාමිනි, අප කවුරු ළඟට යන්න ද? සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබටයි.
යොහන් 6:68 را جستجو کنید
8
යොහන් 6:51
ස්වර්ගයෙන් බැස ආ ජීවනදායක රොටි මමයි. යම් කෙනෙක් මේ රොටි කෑවොත් ඔහු සදහට ජීවත් වෙයි. ලෝකයාගේ ජීවනය සඳහා මා දෙන රොටි මගේ මාංස යැ” යයි ප්‍රකාශ කළ සේක.
යොහන් 6:51 را جستجو کنید
9
යොහන් 6:44
“මා එවූ පියාණන්වහන්සේ විසින් ඇද ගනු ලබන කෙනකුට මිස, අන් කිසිවකුටත් මා වෙත ආ නො හැකියි. අවසාන දවසේදී මම ඔහු නැගිටුවන්නෙමි.
යොහන් 6:44 را جستجو کنید
10
යොහන් 6:33
මන්ද දෙවියන්වහන්සේගේ රොටි නම්, ස්වර්ගයෙන් බැස ආවා වූ, ලෝකයට ජීවනය දෙන තැනැත්තාණන් යැ” යි පැවසූ සේක.
යොහන් 6:33 را جستجو کنید
11
යොහන් 6:48
ජීවනදායක රොටි මමයි.
යොහන් 6:48 را جستجو کنید
12
යොහන් 6:11-12
යේසුස්වහන්සේ ඒ රොටි ගත් සේක්, තුති පුදා, එතැන හිඳ සිටි ජනයාට ඒවා බෙදා දුන් සේක. මසුන් ද ඔවුන්ට අවැසි තරම් බෙදූ සේක. මෙසේ ඔවුන් කුස පිරෙන්නට කෑ පසු, තම ගෝලයින් ඇමතූ උන්වහන්සේ, “ඉතිරි වූ කැබලි එකතු කරන්න; කිසිවක් අපතේ නාරින්නැ” යි පැවසූ සේක.
යොහන් 6:11-12 را جستجو کنید
13
යොහන් 6:19-20
ඔවුහු සැතපුම් තුනක්, හතරක් පමණ ඔරුව පැද වූ පසු, ඔවුන් දුටුවේ යේසුස්වහන්සේ මුහුදු දිය මත ඇවිදිමින් ඔරුවට ළඟා වන අයුරු ය; ඔවුහු ඒ දැක, බය වූහ. එහෙත් උන්වහන්සේ, “මේ මමයි; බය වන්න එපා” යි කී සේක.
යොහන් 6:19-20 را جستجو کنید