1
යොහන් 11:25-26
සිංහල කාලීන පරිවර්තනය
SCV
යේසුස්වහන්සේ ඇය අමතමින්, “මරණින් නැගිටීමත්, ජීවනයත් මම ය. මා තුළ විශ්වාස කරන්නා මැරුණත් ජීවත් වන්නේ ය. මා තුළ විශ්වාසය තබන, ජීවත් ව සිටින හැම කෙනෙක් කිසි දා නො මැරෙයි. ඔබ මෙය විශ්වාස කරනවා දැ?” යි ඇසූ සේක.
مقایسه
යොහන් 11:25-26 را جستجو کنید
2
යොහන් 11:40
යේසුස්වහන්සේ ඇය අමතා, “ඔබ විශ්වාස කරන්නේ නම්, දෙවියන්වහන්සේගේ මහිමය ඔබ දකින වග මා ඔබට කීවා නො වේ දැ?” යි කී සේක.
යොහන් 11:40 را جستجو کنید
3
යොහන් 11:35
යේසුස්වහන්සේ හැඬූ සේක.
යොහන් 11:35 را جستجو کنید
4
යොහන් 11:4
යේසුස්වහන්සේ ඒ ඇසූ කල, “මේ රෝගයේ කෙළවර මරණය නො වෙයි. එමඟින් දෙවියන්වහන්සේගේ පුත්රයාණන් මහිමයට පමුණු වන පිණිස, දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය සඳහා යැ” යි පැවසූ සේක.
යොහන් 11:4 را جستجو کنید
5
යොහන් 11:43-44
උන්වහන්සේ එසේ පවසා, “ලාසරස්! පිටතට එනු” යි උස් හඬින් හඬ ගැසූ සේක. මැරී සිටි මිනිසා පිටතට ආවේ ය. ඔහුගේ අත්, පා හණ රෙදි පටිවලින් වෙළා තිබුණු අතර, මුහුණ රෙදි කඩකින් ඔතා තිබිණි. “ඔය බැමි මුදා ඔහු යන්න හරින්නැ” යි යේසුස්වහන්සේ ඔවුන්ට කී සේක.
යොහන් 11:43-44 را جستجو کنید
6
යොහන් 11:38
යේසුස්වහන්සේ නැවතත් දැඩි සේ සසල ව, සොහොන අසලට පැමිණි සේක. එය, ගලකින් එහි පිවිසුම ආවරණ කර තිබූ ලෙනකි.
යොහන් 11:38 را جستجو کنید
7
යොහන් 11:11
එසේ පැවසූ උන්වහන්සේ යළි කතා කරමින්, “අපේ මිත්ර ලාසරස් සැතපිලා. මා යන්නේ ඔහු පුබුදුවන්නට යැ” යි කී සේක.
යොහන් 11:11 را جستجو کنید