නැතහොත් ඔබ කා, බී, සෑහී, හොඳ ගෙවල් තනා, පදිංචි වූ පසු, ඔබේ ගව හා එළු, බැටළු රංචු වැඩිදියුණු වී, ඔබට රන්, රිදී බහුල වී, ඔබට ඇති සියල්ල සඵල වූ කල, ඔබේ හදවත අහංකාර වී, ඊජිප්තුවෙන් පිටතට, වහල්කමේ දේශයෙන් පිටතට ඔබ ගෙන ආ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට අමතක වනු ඇත.