ඔබ, ඒවාට වැඳ වැටීම නො කළ යුතු ය; නමස්කාර නො කළ යුතු ය. මන්ද මම, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඒ සම්බන්ධයෙන් ඊර්ෂ්‍යා සහගත දෙවියන්වහන්සේ ය. මට වෛර කරනවුනට තුන් වන හා හතර වන පරම්පරාව දක්වා පියවරුන්ගේ පාපයට දරුවන්ට දඬුවම් කරන්නා වූ, එහෙත් මට ප්‍රේම කරන, මගේ ආඥා පිළිපදින අයගේ දහස් ගණන් දක්වා නොමියෙන ප්‍රේමය පාන්නා වූ තැනැත්තාණෝ ය.