මෙන්න, මම අද ඔබ ඉදිරියේ ආශිර්වාදයක් හා ශාපයක් තබමි. අද මා ඔබට දෙන, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥාවනට කීකරු වුවහොත්, ආශිර්වාදය ය. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥාවනට ඔබ අකීකරු වී, ඔබ නො දත් අන් දෙවිවරුන් පසු පස යෑමෙන්, අද මා ඔබට අණ කරන මාර්ගයෙන් ඔබ ඉවත හැරී ගියහොත්, ශාපය ය.