1
උත්පත්ති 49:10
Sinhala Revised Old Version
SROV
ෂිලෝ එන තෙක් යූදා කෙරෙන් ජයකොන්තයවත් ඔහුගේ පාද අතරෙන් ආණ්ඩුකාරයාගේ සැරයටියවත් පහනොවන්නේය; මනුෂ්‍ය වර්ගයන්ගේ කීකරුකම ඔහුට වන්නේය.
مقایسه
උත්පත්ති 49:10 را جستجو کنید
2
උත්පත්ති 49:22-23
යෝසෙප් ඵලදෙන අත්තක්ය, උල්පතක් ළඟ තිබෙන ඵලදෙන අත්තක්ය; එහි ශාඛා භිත්තිය පිට විහිද යති. දුනුවායෝ ඔහුට අතිශයින් හිංසාකොට ඔහුට විද ඔහුට පීඩාකළෝය.
උත්පත්ති 49:22-23 را جستجو کنید
3
උත්පත්ති 49:24-25
එහෙත් ඔහුගේ දුන්න ශක්තිමත්ව පැවතුණේය, යාකොබ්ගේ බලවන්තයාණන්වහන්සේගේ අත්වලින්ද නුඹට පිහිටවන නුඹේ පියාගේ දෙවියන්වහන්සේගෙන්ද ඉහළ අහසේ ආශීර්වාදවලිනුත් පහළ වැතිර තිබෙන ගැඹුරේ ආශීර්වාදවලිනුත් පායෝධරවල සහ ගර්භයේ ආශීර්වාදවලිනුත් නුඹට ආශීර්වාදකරන සර්වපරාක්‍රමයාණන්වහන්සේගෙන්ද ඔහුගේ අත්වල ශක්තිය ස්ථිරකරන ලද්දේය. (ඉශ්‍රායෙල්ගේ පර්වතයවූ එඬේරා මෙතැනින්ය.)
උත්පත්ති 49:24-25 را جستجو کنید
4
උත්පත්ති 49:8-9
එම්බා යූදා, නුඹේ සහෝදරයෝ නුඹට ප්‍රශංසාකරන්නෝය. නුඹේ අත නුඹේ සතුරන්ගේ ගෙළෙහි වන්නේය; නුඹේ පියාගේ පුත්‍රයෝ නුඹ ඉදිරියෙහි වැඳවැටෙන්නෝය. යූදා සිංහපැටවෙක; මාගේ පුත්‍රය, නුඹ ගොදුර කා නැගී ගියෙහිය. ඔහු සිංහයෙකු මෙන්ද සිංහධේනුවක් මෙන්ද නැමී ලැග්ගේය, ඔහු නැගුටුවන්නේ කවුද?
උත්පත්ති 49:8-9 را جستجو کنید
5
උත්පත්ති 49:3-4
රූබෙන්, නුඹ මාගේ කුලුඳුලාය, මාගේ බලයය, මාගේ ශක්තියේ නාඹුල් ඵලයය; ශ්‍රේෂ්ඨ භාවයේ උතුම්කමය, පරාක්‍රමයේ උතුම්කමය. ජලය මෙන් අස්ථිරවූ නුඹට ප්‍රධානකම නොලැබෙන්නේය. කුමක්හෙයින්ද නුඹ නුඹේ පියාගේ ඇඳට නැගුණෙහිය. එකල නුඹ එය කිලුටුකෙළෙහිය. ඔහු මාගේ යහනට නැගුණේය.
උත්පත්ති 49:3-4 را جستجو کنید