1
උත්පත්ති 42:21
Sinhala Revised Old Version
SROV
ඔව්හු තම තමන් අතරේ කථාකොට: අපේ සහෝදරයා අපට කන්නලව්කරද්දී, ඔහුගේ හෘදය වේදනාව දැකලාත්, අප ඔහුට කන් නුදුන් හෙයින් සැබවින් අපි ඔහු ගැන වැරදිකාරයෝය; එබැවින් මේ විපත්තිය අපට පැමිණ තිබේයයි කීවෝය.
مقایسه
උත්පත්ති 42:21 را جستجو کنید
2
උත්පත්ති 42:6
යෝසෙප් දේශයෙහි ආණ්ඩුකාරයාව සිටියේය; දේශයේ මුළු සෙනඟට වික්කේ ඔහුය. යෝසෙප්ගේ සහෝදරයෝ අවුත් මුහුණින් බිමට නැමී ඔහුට වැන්දෝය.
උත්පත්ති 42:6 را جستجو کنید
3
උත්පත්ති 42:7
යෝසෙප් තමාගේ සහෝදරයන් දැක ඔවුන් ඇඳිනගත්තේය, නුමුත් නාඳුනන්නාක් මෙන් පෙන්වා තද ලෙස ඔවුන්ට කථාකොට: නුඹලා කොතැන සිට ආවහුදැයි ඔවුන්ගෙන් ඇසීය. ආහාර මිලේට ගන්නා පිණිස කානාන් දේශයෙන් ආවෙමුයයි ඔව්හු කීවෝය.
උත්පත්ති 42:7 را جستجو کنید