සාලමොන්ගේ ගීතය 4:7-9
සාලමොන්ගේ ගීතය 4:7-9 SCV
ඔබ මුළුමනින් ම සුන්දර ය, මා ප්‍රියාවිය, කැළලක් නැත්තී ය. එන්න, මා සමඟ ලෙබනොන් වෙතින්, මගේ මනාලිය, එන්න, මා සමඟ ලෙබනොන් වෙතින්, අමානා කඳු මුඳුන වෙතින් බැස එන්න; සෙනීර් කූටය වෙතින්, හෙර්මොන් ශිඛරය වෙතින්, සිංහ ගුහාව වෙතින්, දිවියන්ගේ කඳු තිප්පොළවල් වෙතින් බැස එන්න. ඔබ මගේ හද සොරාගෙන, මගේ නගේ; මගේ මනාලියේ, එක ම එක නෙතු බැල්මකින්, ඔබේ ගෙල මාලයේ එක් මැණිකකින් මගේ හද ඔබ සොරාගෙන.





