YouVersion Logo
Search Icon

රූත් 2:14-19

රූත් 2:14-19 SCV

ආහාර වේලාවේදී ඇය ඇමතූ බෝවස්, “මෙහෙ එන්න; මේ රොටි ගෙන, මිදි යුෂ ඇඹුලේ කැබැල්ල පොඟවා, කන්නැ” යි කීවේ ය. ඇය අස්වනු නෙළන්නන් පසෙක හිඳගත් කල, ඔහු විලඳ බොහොමයක් ඇයට ළං කළේ ය. සෑහීමට පත් වන තුරු කෑ පසු, ඇයට තවත් ඉතිරි විය. කරල් ඇහිඳින්නට ඇය නැගිටි කල, බෝවස් තම සේවකයිනට උපදෙස් දෙමින්, “ගොයම් මිටි අතරේ වුව කරල් ඇහිඳ ගන්නට ඇයට ඉඩ හරින්න; ඇය අපහසුතාවට පත් කරන්න එපා; එපමණක් නො වේ; ගොයම් මිටිවලින් කරල් ඇද දමා, ඒවා ඇයට ඇහිඳ ගන්නට ඉඩ හරින්න. ඇයට තරවටු කරන්න එපා” යි කීවේ ය. මෙසේ ඈ සවස් වන තුරු කුඹුරෙහි කරල් ඇහින්දා ය. පසුව ඇය ඇහිඳ තිබූ කරල්වලින් ධාන්‍ය සූරාගත් කල, ඒෆාවක් පමණ යව එහි තිබිණ. ඈ ඒවා ද ගෙන, නගරයට ගියා ය. එවිට ඇය කොපමණ ප්‍රමාණයක් එකතු කර ගෙන තිබිණිදැයි ඇගේ නැන්දම්මා දුටුවා ය. සෑහීමට පත් වන තුරු කෑ පසුත්, ඉතිරි ව තිබූ දෑ පිටතට ගත් ඈ, ඒවා ද ඇයට දුන්නා ය. ඇගේ නැන්දම්මා ඇය විමසමින්, “කොහේ ද අද ඔබ කරල් ඇහින්දේ? කොතැන ද ඔබ වැඩ කළේ? ඔබ ගැන සැලකිල්ල දැක් වූ මනුෂ්‍යයාට ආශිර්වාද ලැබේවා!” යි කීවා ය. එවිට ඈ තමා වැඩ කළේ කවරකු ළඟදැයි තම නැන්දම්මාට පවසමින්, “අද මා වැඩ කළ තැන මිනිසාගේ නම බෝවස් යැ” යි කීවා ය.

Free Reading Plans and Devotionals related to රූත් 2:14-19