රූත් 1:19-21
රූත් 1:19-21 SCV
මෙසේ ඔවුන් දෙදෙනා බෙත්ලෙහෙමට පැමිණෙන තෙක් ගමන් කළහ. ඔවුන් බෙත්ලෙහෙමට ළඟා වූ කල, මුළු නගරය ම ඔවුන් නිසා ඇවිස්සුණි. “ඇත්තෙන් ම මේ නායොමි දැ?” යි කාන්තාවෝ විස්මය පළ කළහ. එවිට ඈ, “මට නායොමි කියන්න එපා; මට මාරා කියන්න; මන්ද සර්ව පරාක්‍රමයාණන් මගේ ජීවිතය දැඩි දොම්නසට පමුණුවා ඇත. මා පිටත් ව ගියේ පූර්ණ ව ය; එහෙත් ස්වාමින්වහන්සේ මා ආපසු ගෙන අවුත් ඇත්තේ හිස් ව ය. ස්වාමින්වහන්සේ මට දුක්-විපත් ගෙන දී තිබියදී, සර්ව පරාක්‍රමයාණන් මට අභාග්‍ය ගෙන දී තිබියදී, නායොමි යැයි මා අමතන්නේ කුමට දැ?” යි කීවා ය.


![[Ruth] Returning to a Covenant Relationship රූත් 1:19-21 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F32172%2F1440x810.jpg&w=3840&q=75)


