YouVersion Logo
Search Icon

රූත් 1:10-14

රූත් 1:10-14 SCV

“නැහැ! අපි ඔබ සමඟ ඔබේ ජනයා වෙත ආපසු යනවා” යි ඇයට කීහ. එහෙත් නායොමි ඔවුන් අමතමින්, “ආපසු යන්න මා දූවරුනි, කුමට මා සමඟ එනවා ද? ඔබට සැමියන් වීමට තවත් පුතුන් මගේ කුසෙහි වේ ද? ආපසු යන්න මා දූවරුනි, ඔබට හිමි අත යන්න; තවත් සැමියකු විවාහ කර ගන්නට මා මහලු වැඩියි. ඇරත් එවැනි බලාපොරොත්තුවක් තවත් මට ඇතැයි මා සිතුවත්, අද රැයේ ම සැමියකු හමුව පුතුන් බිහි කළත්, ඔවුන් මෝරා වැඩෙන තුරු ඔබ බලා සිටින්න ද? ඔවුන් නිසා ඔබ අවිවාහක ව සිටින්න ද? නැහැ මගේ දූවරුනි, ඔබට වඩා මගේ දොම්නස තද වැඩියි. මන්ද ස්වාමින්වහන්සේගේ හස්තය එරෙහිව ගියේ මට යැ” යි කීවා ය. මෙවිට ඔවුහු යළිත් මහ හඬින් හැඬූහ. ඉන්පසු ඔර්පා සමුගනිමින්, තම නැන්දම්මා සිප ගත්තා ය. එහෙත් රූත් ඇයට ඇලුම් ව බැඳී සිටියා ය.

Free Reading Plans and Devotionals related to රූත් 1:10-14