YouVersion Logo
Search Icon

එළිදරවු 4:2-6

එළිදරවු 4:2-6 SCV

එක්වන ම මා ආත්මයාණන්වහන්සේ තුළ විය. මෙන්න! එවිට ස්වර්ගයේ සිංහාසනයක් මා ඉදිරියේ තිබිණි. ඒ සිංහාසනයේ කෙනෙක් හිඳ සිටි සේක. එහි හිඳ හුන් තැනැත්තාණන්ගේ ස්වරූපය සූර්යකාන්ති හා ලෝහිතංකවලට සමාන විය. තවද මරකත මිණකට සමාන දේදුන්නක් සිංහාසනය වටා තිබිණි. ඒ සිංහාසනය වටා තවත් සිංහාසන විසිහතරක් විය; ඒ සිංහාසන මත සුදු ඇඳුම් හැඳි, තම හිස් මත රන් ඔටුනු පැලඳි වැඩිමහල්ලෝ විසිහතර දෙනෙක් හිඳ සිටියහ. සිංහාසනයෙන් විදුලි අකුණු ධාරා, ශබ්ද රාව හා මේඝ ගර්ජනා නික්මිණි. දෙවියන්වහන්සේගේ ආත්මයාණන් හත්දෙනා වන දැල්වෙන පන්දම් හතක් සිංහාසනය ඉදිරිපිට විය. තවද පළිඟු මෙන් දිළිසෙන වීදුරු සාගරයක් වැන්නක් සිංහාසනය ඉදිරිපිට විය. සිහසුන මැද හා අවට ජීවමාන සත්වයින් හතර දෙනෙක් වූහ. ඉදිරියෙන් හා පිටුපසින් උන් ඇස්වලින් වැසී තිබිණි.

Free Reading Plans and Devotionals related to එළිදරවු 4:2-6