එළිදරවු 14
14
බැටළු පැටවාණන් හා 144,000
1ඉන්පසු මම බැලුවෙමි. එවිට මෙන්න! සියොන් කන්ද මත බැටළු පැටවාණන් හා උන්වහන්සේ සමඟ එක්ලක්ෂ හතළිස්හතර දහස් දෙනකු සිටගෙන සිටිනු දුටිමි; ඔවුන්ගේ නළල්හි බැටළු පැටවාණන්ගේ නාමය හා උන්වහන්සේගේ පියාණන්වහන්සේගේ නාමය ලියා තිබිණි. 2තවද මහ ජල ඝෝෂාවක වැනි හඬක් හා මහ ගිගුරුමක ශබ්දයක් වැනි කටහඬක් ස්වර්ගයෙන් මට ඇසිණි. මට ඇසුණු ඒ කටහඬ, වීණා වයන්නන් ඔවුන්ගේ වීණා වයන හඬ වැන්න. 3ඔවුහු සිංහාසනය ඉදිරියේ ද ජීවමාන සත්වයින් හතරදෙනා ඉදිරියේ හා වැඩිමහල්ලන් ඉදිරියේ ද අලුත් ගීයක් ගායනා කළහ. පොළොවෙන් මුදා ගනු ලැබ සිටි එක්ලක්ෂ හතළිස්හතර දහස් දෙනාට හැර, අන් කිසිවකුටත් ඒ ගීතය ඉගෙන ගත නො හැකි විය. 4ස්ත්‍රීන් වෙතින් තමන් කිලිටි කර නො ගත්තෝ ඔවුහු ය. මන්ද ඔවුහු බ්‍රහ්මචාරීහු ය. බැටළු පැටවාණන් යන කොතැනක වුව, උන්වහන්සේ අනුව යන්නෝ ඔවුහු ය. දෙවියන්වහන්සේට හා බැටළු පැටවාණන්ට නාඹුල් පල වන පිණිස, මොවුහු මිනිස් වර්ගයා වෙතින් මිලක් ගෙවා මුදා ගනු ලැබුවාහු වෙති. 5ඔවුන්ගේ මුවෙහි කිසි මුසාවක් හමු නො වී ය. මන්ද ඔවුහු දෝෂයෙන් තොර ය.
දේව දූතයින් තිදෙනා
6ඉන්පසු වෙනත් දේව දූතයකු, පොළොවේ වෙසෙන හැම ජාතියකට, හැම ගෝත්‍රයකට, හැම භාෂාවකට හා හැම ජනතාවකට ප්‍රකාශ කරන්නට සදාතන ශුභාරංචියක් ඇති ව අහස මැද පියාසර කරනු මම දැක්කෙමි. 7ඔහු උස් හඬින් කතා කොට, “දෙවියන්වහන්සේට භය වන්න; උන්වහන්සේට මහිමය දෙන්න. මන්ද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමිණ ඇත. අහස, පොළොව, මුහුද හා ජල උල්පත් මැවූ තැනැන්වහන්සේට නමස්කාර කරන්නැ” යි කී ය.
8දෙවන දේව දූතයෙක් ඔහු අනුව යමින්, “ඇගේ ලිංගික දුරාචාර කෝපයේ මිදි යුෂ සියලු ජාතීනට බීමට සැලසූ ඒ මහා බබිලෝනිය ඇද වැටිණි; ඇද වැටිණි”#14:8 යෙසා 21;9 යි පැවසී ය.
9තුන් වන දේව දූතයෙක් ද ඔවුන් අනුව යමින්, උස් හඬින්, “යමෙක් මෘගයාටත්, උගේ රූපයටත් නමස්කාර කරයි නම්, තම නළලේ හෝ අතේ හෝ උගේ සලකුණ ලබයි නම්, 10දෙවියන්වහන්සේගේ කෝපයේ කුසලාන අමිශ්‍ර ව වත් කරන ලද උන්වහන්සේගේ උදහසේ මිදි යුෂ ඔහු ද බොනු ඇත. ශුද්ධ දේව දූතයින් ඉදිරියේ හා බැටළු පැටවාණන් ඉදිරියේ, ගින්නෙන් හා ගෙන්දගමින් ඔහුට වධ දෙනු ඇත. 11ඔවුන්ගේ වධ වේදනාවේ දුම සදහට ම, සදාතනයට ම උඩට නැගෙයි. මෘගයාටත්, උගේ පිළිමයටත් නමස්කාර කරන්නන් වන උගේ නමේ සලකුණ ලබන්නන්ට දිවා හෝ රැයේ හෝ නිස්කලංකයක් නො ලැබේ.” 12දෙවියන්වහන්සේගේ ආඥා රක්ෂා කරන, යේසුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් සිටින ශුද්ධවතුන්ට ඉවසා සිටීමේ කැඳවීමකි මේ.
13ඉන්පසු මෙසේ කියන කටහඬක් ස්වර්ගයෙන් මට ඇසිණි. “මෙසේ ලියන්න: ස්වාමින්වහන්සේ තුළ මෙතැන් පටන් මිය යන මළවුන් භාග්‍යවත් ය.”
ආත්මයාණන්වහන්සේ ද, “ඒ එසේ ම යැ” යි කියන සේක. “ඔවුන් තමන්ගේ වෙහෙසින් විශ්‍රාම ලබනු ඇත. මන්ද ඔවුන්ගේ ක්‍රියා ඔවුන් අනුව යනු ඇතැ” යි කියන සේක.
පොළොවේ පලදාව
14ඉන්පසු මෙන්න! සුදු වලාකුළක් සහ ඒ වලාව පිට හිඳගත් මනුෂ්‍ය පුත්‍රයකු වැනි කෙනෙක්#14:14 දානි 7:13 දුටිමි. ඔහු හිසේ රන් ඔටුන්නක් හා අතේ මුවහත් දෑකැත්තක් ඇති ව සිටියේ ය. 15තවත් දේව දූතයෙක්, දේව මාලිගයෙන් පිටතට පැමිණ, වලාකුළ මත හිඳ සිටි තැනැත්තාණන්ට උස් හඬින් කතා කර, “ඔබගේ දෑකැත්ත යොදා, අස්වැන්න කපන්න; මන්ද පොළොවේ අස්වැන්න හොඳට ම පැහී තිබෙන බැවින්, අස්වැන්න කපන කාලය පැමිණ ඇතැ” යි කීවේ ය. 16එවිට වලාකුළ මත හිඳ හුන් තැනැත්තාණෝ තම දෑකැත්ත පොළොවට හෙළූ සේක; පොළොවේ අස්වැන්න නෙළනු ලැබී ය.
17තවත් දේව දූතයෙක් ස්වර්ගයේ දේව මාලිගයෙන් පිටතට ආවේ ය. ඔහුට ද මුවහත් දෑකැත්තක් තිබිණි. 18ගින්න බාර ව සිටි වෙනත් දේව දූතයෙක් පූජාසනය වෙතින් අවුත්, මුවහත් දෑකැත්ත ඇති ව සිටි දේව දූතයාට උස් හඬින් කතා කර, “ඔබගේ දෑකැත්ත යොදා පොළොවේ මිදි වැලේ මිදි පොකුරු රැස් කරන්න; මන්ද එහි මිදි පල ඉදිලා” යි කීවේ ය. 19එවිට දේව දූතයා පොළොව පිට තම දෑකැත්ත යොදා, එහි මිදි පල අස්වැන්න රැස් කොට, දෙවියන්වහන්සේගේ උදහසේ මිදි මඩින මහා මෝලට ඒවා හෙළී ය. 20ඒ මිදි මෝල නගරයෙන් පිටතදී මඩිනු ලැබී ය. එවිට අශ්වයකුගේ කටකලියාවක තරම් උසට, පර්ලොං එක්දහස් හයසියයක්#14:20 එනම් කිලෝමීටර් 300ක් පමණ දුරට ඒ මෝලෙන් ලේ ගලා ගියේ ය.
Currently Selected:
එළිදරවු 14: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: