එළිදරවු 1:1-7
එළිදරවු 1:1-7 SCV
මෙය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරවුව ය. උන්වහන්සේට මෙය දෙනු ලැබ ඇත්තේ, ඉක්මනින් සිදු විය යුතු දෑ ස්වකීය මෙහෙකරුවන්ට පෙන්වන පිණිස, දෙවියන්වහන්සේ විසිනි. උන්වහන්සේ තම දූතයා එවීමෙන්, තම මෙහෙකරු යොහන්ට එය දැනගන්නට සැලසූ සේක. ඔහු දෙවියන්වහන්සේගේ වචනයත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂියත්, තමා දුටු සියල්ලත් ගැන සාක්ෂි දැරී ය. මෙම දිවැස්වැකියේ වචන හඬ නගා කියවන්නා භාග්‍යවත් ය. එය අසන්නන් ද එහි ලියනු ලැබ ඇති දෑ රක්ෂා කරන්නන් ද භාග්‍යවත් ය. මන්ද කාලය ආසන්න ය. යොහන් වෙතින්, ආසියාවේ සභා හත වෙතයි: ඔබට අනුග්‍රහයත්, සාමයත් සිටින්නා වූ, සිටියා වූ, මතු ද සිටින්නා වූ තැනැන්වහන්සේගෙන් ද උන්වහන්සේගේ සිංහාසනය අබියස සිටින ආත්මයාණන් සත් දෙනාගෙන් ද විශ්වාසී සාක්ෂිකරුවාණන්, මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාණන් හා පොළොවේ රජුන්ගේ පාලකයාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් ද අත් වේවා! අපට ප්‍රේම කරන, ස්වකීය ලෙයින් අපගේ පවින් අප මිදූ, ස්වකීය දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේට රාජ්‍යයක් ද පූජකයින් ද බවට අප පත් කළ, තැනැන්වහන්සේට සදහට ම, සදාතනික ව තේජෝ මහිමයත්, ආධිපත්‍යයත් වේවා! ආමෙන්. “අන්න! උන්වහන්සේ වලාකුළුවලින් එන සේක.” “උන්වහන්සේ ව ඇන, සිදුරු කළ අය පවා හැම ඇසක් ම, උන්වහන්සේ දකිනු ඇත.” මිහි පිට සියලු ගෝත්‍ර “උන්වහන්සේ නිසා වැලපෙනු ඇත.” ඒ එසේ ම වේවා! ආමෙන්.
![[What the Spirit Says] Letter to Ephesus එළිදරවු 1:1-7 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F39904%2F1440x810.jpg&w=3840&q=75)




