YouVersion Logo
Search Icon

ගීතාවලිය 9:1-10

ගීතාවලිය 9:1-10 SCV

අහෝ ස්වාමින්වහන්ස, මගේ මුළු හදින් මම ඔබට ස්තුති පුදන්නෙමි. ඔබ සිදු කළ සකල අසිරිමත් ක්‍රියා ගැන මම පවසන්නෙමි. ඔබ තුළ මම ප්‍රීති වන්නෙමි; ප්‍රමෝද වන්නෙමි. ඔබගේ නාමයට මම පැසසුම් ගී ගයන්නෙමි, මහෝත්තමයාණනි. මගේ සතුරෝ ආපසු හැරුණු කල, ඔබ අබියස පැකිළී, වැනසෙති. මන්ද, ඔබ මගේ නඩුව අසා, මට පක්ෂ ව තීන්දුව දුන් සේක; ඔබගේ සිංහාසනයේ හිඳිමින් ඔබ ධර්මිෂ්ඨ ව විනිශ්චය කරන සේක. ඔබ, ජාතීන්ට දෝෂාරෝපණ කළ සේක්, දුෂ්ටයින් විනාශ කර දැමූ සේක; ඔබ, ඔවුන් ගැන මතකය පවා සදහට ම මකා දැමූ සේක. සදාතනික විනාශයකින් සතුරා යට ව ගියේ ය. ඔවුන්ගේ පුර නගර ඔබ මුලිනුපුටා දැමූ සේක්, ඒවායේ මතකය පවා නැත්තට ම නැති කළ සේක. ස්වාමින්වහන්සේ සදහට ම රජකම් කරන සේක; විනිශ්චය පිණිස උන්වහන්සේ තම සිංහාසනය ස්ථාපිත කළ සේක; ධර්මිෂ්ඨත්වයෙන් උන්වහන්සේ ලෝකයා විනිශ්චය කරන සේක; සාධාරණත්වයෙන් උන්වහන්සේ ජනයා ආණ්ඩු කරන සේක. ස්වාමින්වහන්සේ පීඩිත ජනයාට රක්ෂස්ථානයකි; දුක්-විපත් අවස්ථාවන්හි බළකොටුවකි. සැබවින් ම ඔබගේ නාමය හඳුනන්නෝ ඔබ තුළ විශ්වාසය තබති; මන්ද ස්වාමින්වහන්ස, ඔබගේ සරණ සොයා එන්නන් ඔබ කිසි දින අත්හැර නොමැත.

Related Videos