ගීතාවලිය 8:1-4
ගීතාවලිය 8:1-4 SCV
අහෝ ස්වාමින්වහන්ස, අපගේ ස්වාමිනි, ඔබගේ නාමය, මේ මිහි මඬල පුරා කොතරම් ශ්‍රී විභූතිමත් ද! ඔබගේ තේජෝ මහිමය, අහසටත් ඉහළින් නැගේ. ළදරුවන්ගේ ද කිරි දරුවන්ගේ ද මුවින්, ඔබ බළකොටුවක් පිහිටුවා ඇත්තේ, ඔබගේ එදිරිවාදීන් නිසා සතුරා ද පළි ගන්නා ද නිහඬ කරන පිණිස ය. ඔබ විසින් ස්ථානගත කළ සඳ-තරු ඇතුළු ඔබගේ අතැඟිලි නිමැවුම් වන ඔබගේ අහස් තල ගැන මා සිතා බලන කල, ඔබගේ අවධානයට ලක් වීමට මිනිසා කවරෙක් ද? ඔබගේ සැලකිල්ල යොමු කිරීමට මනුෂ්‍ය පුත්‍රයා කවරෙක් ද?

![[Songs of Praise] Bookends of Majesty ගීතාවලිය 8:1-4 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F55840%2F1440x810.jpg&w=3840&q=75)

![[Vertical Series] Look Up ගීතාවලිය 8:1-4 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F19699%2F1440x810.jpg&w=3840&q=75)

