YouVersion Logo
Search Icon

ගීතාවලිය 78:39-42

ගීතාවලිය 78:39-42 SCV

ඔවුන් හුදු මිනිසුන් පමණක් වග, ආපසු නො එන, සැණෙක පහ වී යන සුළං රොදක් පමණක් වග උන්වහන්සේ සිහිපත් කළ සේක. පාළුකරයේදී ඔවුන් කොතෙක් වරක් උන්වහන්සේට එරෙහිව කැරලි ගසමින්, ඒ පාළු කතරේදී උන්වහන්සේට දුක් දුන්නා ද! ඔවුහු යළි යළිත් දෙවියන්වහන්සේ පරීක්ෂාවට ලක් කළෝ, ඉශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ප්‍රකෝප කළෝ ය. ඔවුහු උන්වහන්සේගේ බලය මතකයේ තබා නො ගත්තෝ ය. එනම්, පීඩකයා වෙතින් උන්වහන්සේ ඔවුන් මුදා ගත් අයුරු