YouVersion Logo
Search Icon

ගීතාවලිය 78:2-6

ගීතාවලිය 78:2-6 SCV

මම උපමාවකින් මගේ මුව විවර කරමි; පුරාතන පටන් සැඟවී තිබූ දෑ පවසන්නෙමි. ඒවා අප අසා ඇති, අප දන්නා, අපේ පියවරුන් අපට පවසා ඇති දෑ ය. ඔවුන්ගේ දරුවන්ගෙන් අප ඒවා සඟවන්නේ නැත; ස්වාමින්වහන්සේගේ ප්‍රශංසනීය ක්‍රියා, උන්වහන්සේගේ බලය හා උන්වහන්සේ කළ අරුම පුදුම, ඊළඟ පරම්පරාවට අපි පවසන්නෙමු. උන්වහන්සේ යාකොබ් තුළ පනතක් පිහිටුවා, ඉශ්‍රායෙල් තුළ ව්‍යවස්ථාව ස්ථාපිත කළේ, තම දරු පරපුරට ඒවා උගන්වන ලෙස අප පියවරුනට ආඥා කරමිනි. මෙසේ, ඊළඟ පරපුර, තවමත් නූපන් දරුවන් පවා ඒවා දැනගනු ඇත; ඔවුන් ද තමන්ගේ දරුවන් එලෙස ම දැනුවත් කරනු ඇත.