ගීතාවලිය 72
72
ගීතාවලිය 72
සාලමොන්ගෙනි.
1අහෝ දෙවියන්වහන්ස, ඔබගේ විනිශ්චය රජුට පැවරුව මැනව,
ඔබගේ ධර්මිෂ්ඨභාවය, රාජකීය පුත්‍රයාට දුන මැනව.
2එතුමන් දමිටුකමින් ඔබගේ ජනයා පාලනය කළා වේ,
ඔබගේ පීඩිතයනට යුක්තිය ඉටු කළා වේ.
3කඳු, ජනතාවට සශ්‍රීකත්වය ගෙන ඒවා,
හෙල්, දමිටුකමේ පල ගෙන ඒවා.
4දුගියනගේ දරුවන් ගලවමින්,
පීඩකයින් පොඩිකර දමමින්,
එතුමන් ජනයා අතරේ පීඩාවට පත්වූවන්ට විනිශ්චය ඉටු කර දෙත්වා.
5හිරු පවතින තාක්, සඳු පවතින තාක්,
පරපුරින් පරපුරට ඔහු ද පවතීවා.
6එතුමන් කපා, පාහින ලද තණ පිටියක් පිට වහින වැස්ස මෙන් වනු ඇත,
පොළෝ තලේ තෙත් කරන්නට ඇදහැලෙන වැස්ස මෙන් වනු ඇත.
7එතුමන්ගේ දවස්වලදී දමිටුන් සඵල වේ;
සඳු පවතින තාක් සශ්‍රීකත්වය අධික වේ.
8මුහුදින් මුහුදටත්,
ගංගාවේ#72:8 ගංගාවේ එනම් යුප්‍රටීස් සිට පොළෝ සීමාන්ත දක්වා එතුමන් රජකම් කෙරේවා.
9කාන්තාර ගෝත්‍රික ජනයා, එතුමන් ඉදිරියේ වැඳ වැටෙත්වා!
එතුමන්ගේ සතුරන් දූවිලි ලෙවකත්වා!
10තර්ෂිෂ්හි හා වෙරළබඩ රජවරුන්
එතුමන් වෙත පඬුරු ගෙනෙත්වා!
ෂෙබාහි හා සෙබාහි රජවරුන්
එතුමන්ට තෑගි පිළිගන්වත්වා!
11රජවරු සැවොම එතුමන්ට වැඳ ප්‍රණාම දක්වත්වා!
සියලු ජාතීන්ට අයත් ජනයා එතුමන්ට සේවය කරත්වා!
12උපකාර ඉල්ලා කෑ මොර දෙන දිළින්දන් ද
පිහිටට කිසිවකු නැති පීඩිතවූවන් ද එතුමා මුදනු ඇත.
13දුබල අයට හා දිළින්දන්ට එතුමා අනුකම්පා කරනු ඇත;
එතුමා දිළින්දන් මරණයෙන් මුදනු ඇත.
14පීඩාවෙන් ද සැහැසිකමින් ද එතුමා ඔවුන් මුදා ගනු ඇත;
මන්ද ඔවුන්ගේ රුධිරය එතුමන් අගේ කොට සලකන නිසා ය.
15එතුමෝ දිගු කල් වැජඹේවා!
ෂෙබායේ රත්රන් එතුමන්ට දෙනු ලැබේවා.
මිනිසුන්, එතුමන් උදෙසා නොකඩවා යාච්ඤා කරත්වා,
ඔවුහු දවස පුරා ම එතුමන්ට ආශිර්වාද කරත්වා!
16දේශය පුරා ධාන්‍ය බහුල වේවා;
කඳු මත්තේ ගොයම් ලෙළ දේවා.
ඒවායේ පල ලෙබනොන්හි මෙන් සරු සාර වේවා,
කෙත් වත්හි තෘණ සේ ඒවා සශ්‍රීක වේවා.
17එතුමන්ගේ නාමය සදා පවතීවා;
හිරු පවතින තාක් කල් දිගට ම එය පවතීවා.
සියලු ම ජාතීන් එතුමන් තුළින් ආශිර්වාද ලබත්වා,
එතුමන් ආශිර්වාදිතයැයි ඔවුහු කියත්වා.
18ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට, දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට පැසසුම් වේවා;
එතුමා පමණක් විස්මයජනක දෑ කරන්නාහ.
19එතුමාණන්ගේ තේජෝ මහිමවත් නාමයට සදා පැසසුම් වේවා;
එතුමන්ගේ තේජෝ මහිමයෙන් මුළු පෘතුවිය ම පිරේවා.
ආමෙන්, ආමෙන්.
20යෙස්සේගේ පුත් දාවිත්ගේ යැදුම් මෙතෙකින් නිම වෙයි.
Currently Selected:
ගීතාවලිය 72: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: