ගීතාවලිය 69:6-9
ගීතාවලිය 69:6-9 SCV
අහෝ ස්වාමිනි, සේනාංකාධිපති ස්වාමින්වහන්ස, ඔබ තුළ බලාපොරොත්තු තබා ඇති අය මා නිසා නින්දාවට නො පැමිණෙත්වා! අහෝ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ඔබේ සරණය සොයන්නෝ මා නිසා ලජ්ජාවට නො පැමිණෙත්වා! මන්ද මම ඔබ උදෙසා නින්දා දරා ගනිමි; ලජ්ජාවෙන් මගේ මුහුණ වැසී යයි. මගේ ම සහෝදරයන්ට මා ආගන්තුකයෙකි, මගේ මවුගේ කුසින් බිහි වූ සෙසු දරුවනට මා විදේශිකයෙකි; ඔබගේ ගෘහය උදෙසා වූ උද්යෝගයෙන් මා ඇවිළේ, ඔබට නින්දා කළවුන්ගේ නින්දා මා පිට වැටිණි.





