ගීතාවලිය 68:1-3
ගීතාවලිය 68:1-3 SCV
දෙවියන්වහන්සේ නැගී සිටින සේක්වා, උන්වහන්සේගේ සතුරෝ විසුරුවනු ලබත්වා; උන්වහන්සේට වෛර කරන්නෝ උන්වහන්සේ ඉදිරියෙන් පලා යත්වා. සුළඟින් ඉවත ගසා ගෙන යන දුමක් සේ, ඔවුහු ද ඉවත ගසා ගෙන යනු ලබත්වා. ගින්න ඉදිරියේ උණුවී යන ඉටි සේ, දුෂ්ටයින් දෙවියන්වහන්සේ ඉදිරියේ විනාශ වී යේවා. එහෙත් දමිටු දනා ප්‍රීති වෙත්වා! දෙවියන්වහන්සේ ඉදිරියේ ප්‍රීති ප්‍රමෝද වෙත්වා! ඔවුහු සතුටින් හා ප්‍රීතියෙන් පිරෙත්වා!





