ගීතාවලිය 64
64
ගීතාවලිය 64
සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත්ගේ ගීතයකි.
1සවන් දුන මැන මගේ කටහඬට, මගේ පැමිණිල්ලට, අහෝ දෙවියන්වහන්ස,
සතුරාගේ තර්ජනයෙන් මගේ ජීවිතය රැක දුන මැනවි.
2දුෂ්ටයින්ගේ කුමන්ත්‍රණයෙන් හා
ඝෝෂාකාරී නපුරන්ගේ රංචුවෙන් මා සඟවා ගත මැනවි.
3ඔවුන් තම දිව්, කඩුපත් සේ මුවහත් කර,
තම වචන එල්ල කරන්නේ මාරක හී ගස් පරිද්දෙනි.
4එසේ ඔවුහු සැඟවී සිට, නිර්දෝෂීනට විදිති;
කිසි බයක් නැතිව හදිසියේ ම විද දමති.
5නපුරු සැලසුම්වලට ඔවුහු එකිනෙකා දිරිගන්වා ගනිති;
තම උගුල් රහසිගත ව තබා ගැනීමට කතිකා කරති,
“කවුරු අප දකිත් දැ?” යි ඔවුහු අසති.
6ඔවුහු අයුක්තිය කුමන්ත්‍රණ කොට,
“අප නියම සැලැස්මක් යෙදුවා” යි කියති,
සැබවින් ම මිනිසාගේ සිතත්, හදවතත් වංචාකාරී ය.
7එහෙත් දෙවියන්වහන්සේ හීවලින්, ඔවුනට විදින සේක;
හදිසියේ ම ඔවුහු ගසා හෙළනු ලබති.
8උන්වහන්සේ ඔවුන්ගේ දිව් ඔවුන්ට ම එරෙහිව හරවා,
ඔවුන් විනාශයට පමුණු වන සේක;
ඒ වග දකින්නෝ අවඥාවෙන් හිස් වනන්නෝ ය.
9මුළු මිනිස් වර්ගයා ම බය වන්නෝ ය;
ඔවුහු දෙවියන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෝ ය,
උන්වහන්සේ කළ දෑ ගැන සිත් යොමු කරන්නෝ ය.
10ධාර්මිකයෝ ස්වාමින්වහන්සේ තුළ ප්‍රීති ප්‍රමෝද ව,
උන්වහන්සේ තුළ සරණය ලබත්වා!
හදින් අවංක සියල්ලෝ උන්වහන්සේට ප්‍රශංසා කරත්වා!
Currently Selected:
ගීතාවලිය 64: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.