ගීතාවලිය 64:4-6
ගීතාවලිය 64:4-6 SCV
එසේ ඔවුහු සැඟවී සිට, නිර්දෝෂීනට විදිති; කිසි බයක් නැතිව හදිසියේ ම විද දමති. නපුරු සැලසුම්වලට ඔවුහු එකිනෙකා දිරිගන්වා ගනිති; තම උගුල් රහසිගත ව තබා ගැනීමට කතිකා කරති, “කවුරු අප දකිත් දැ?” යි ඔවුහු අසති. ඔවුහු අයුක්තිය කුමන්ත්‍රණ කොට, “අප නියම සැලැස්මක් යෙදුවා” යි කියති, සැබවින් ම මිනිසාගේ සිතත්, හදවතත් වංචාකාරී ය.





