ගීතාවලිය 56:1-4
ගීතාවලිය 56:1-4 SCV
මට දයා වුව මැනව, අහෝ දෙවියන්වහන්ස, මිනිස්සු මා ලුහුබැඳ එති; ඔවුහු දවස මුළුල්ලේ පහර දීම දැඩි කරති. මට අපහාස කරන්නෝ දවස පුරා මා ලුහුබඳිති; බොහෝ දෙනෙක් උඩඟුකමින් යුතු ව මට පහර දෙති. මා බියපත් වූ කල, මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි. මා වර්ණනා කරන වචනය හිමි දෙවියන්වහන්සේට ය. එම දෙවියන්වහන්සේ තුළ මම විශ්වාසය තබමි; එබැවින් මම බය නො වන්නෙමි; හුදු මිනිසා මට කුමක් කරන්න ද?





