YouVersion Logo
Search Icon

ගීතාවලිය 54:1-7

ගීතාවලිය 54:1-7 SCV

ඔබගේ නාමය කරණකොටගෙන මා ගැලෙවුව මැනව, අහෝ දෙවියන්වහන්ස, ඔබගේ බල පරාක්‍රමයෙන් මා නිදොස් වග ප්‍රකාශ කරන්න. මගේ යාච්ඤාව ඇසුව මැනව, අහෝ දෙවියන්වහන්ස, මා මුවේ වදන්වලට සවන් දෙන්න. අමුත්තෝ මට පහර දෙති; කුරිරු මිනිස්සු මගේ දිවි තොර කරන්නට බලති; ඔවුහු දෙවියන්වහන්සේ ගැන සැලකිල්ලක් නො දක්වති. සෙලා සැබවින් ම, දෙවියන්වහන්සේ මගේ සරණය ය; මගේ දිවිය දරා සිටින තැනැත්තාණෝ ස්වාමින්වහන්සේ ය. මට අපවාද නගන්නන්ගේ දුෂ්ටකම ඔවුන් ම වෙළා ගනිත්වා! ඔබගේ විශ්වසනීයත්වයෙන් ඔවුන් විනාශ කළ මැනව. මම ස්වේච්ඡා පූජාවක් ඔබට ඔප්පු කරන්නෙමි. මම ඔබගේ නාමය පසසන්නෙමි, අහෝ ස්වාමින්වහන්ස, මන්ද, එය හොඳ ය. මගේ සියලු විපත්තිවලින් උන්වහන්සේ මා මිදූ සේක; එබැවින් මගේ දෙනෙත මගේ එදිරිවාදීන් දෙස ජයග්‍රාහී ව බලයි.

Related Videos

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 54:1-7