ගීතාවලිය 51:1-6
ගීතාවලිය 51:1-6 SCV
අහෝ දෙවියන්වහන්ස, ඔබගේ නොමියෙන ප්‍රේමය නිසා, මට දයා වුව මැනව; ඔබගේ ඉමහත් අනුකම්පාවට අනුව, මගේ අපරාධය මකා දැමුව මැනව; මගේ සියලු අයුතුකමින් මා සෝදා, මගේ පාපයෙන් මා පවිත්‍ර කළ මැනව. මන්ද මගේ අපරාධ මම හඳුනමි, මගේ පාප නිතර දෙවේලේ මට සිහිවෙයි. ඔබට විරුද්ධ ව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කර ඇත්තෙමි. ඔබ හමුවේ දුෂ්ටකම් කළෙමි; ඒ ගැන ඔබ පවසන කල, ඔබ සාධාරණ ය. ඔබ විනිශ්චය කරන කල, ඔබ යුක්ති සහගත ය. උපතේදීත්, ඇත්තෙන් ම මා අයුතුකමින් යුතු විණි; මා මව් කුස පිළිසිඳි වේලේ පටන් පාපයෙන් යුතු විණි. සැබවින් ම හද අභ්‍යන්තරයේ සත්‍යයට ඔබ අබිමත වන සේක; හද ඇතුල් ගැබෙහි ඔබ මට ප්‍රඥාව උගන්වන සේක.










