ගීතාවලිය 5:1-3
ගීතාවලිය 5:1-3 SCV
අහෝ ස්වාමින්වහන්ස, මගේ වදන්වලට සවන් යොමනු මැනව, මගේ සුසුම් ලෑම සලකා බලනු මැනව. සරණ පතන මගේ හඬ ගෑමට සවන් දෙන්න, මගේ රජ්ජුරුවන්වහන්ස, මගේ දෙවියන්වහන්ස, මන්ද, ඔබවහන්සේට මම යදින්නෙමි. ස්වාමින්වහන්ස, උදෑසනේ ඔබ මගේ කටහඬ අසා සිටියි. උදෑසනේ මම, මගේ අයැදුම් ඔබ අබියස අතුරා, අපේක්ෂා දල්වා බලා සිටින්නෙමි.





