ගීතාවලිය 46:4-7
ගීතාවලිය 46:4-7 SCV
ගංගාවක් තිබේ, එහි දිය පාරවල් මහෝත්තමයාණන් වාසය කරන ශුද්ධස්ථානය වන දෙවියන්වහන්සේගේ පුරවරය ප්‍රමෝදයට පත් කරයි. දෙවියන්වහන්සේ එපුර ඇතුළත වැඩ වසන සේක. එය ඇද වැටෙන්නේ නැත; හිමිදිරි උදයෙන් දෙවියන්වහන්සේ එයට උපකාර කරන සේක. ජාතීන් අතර මහත් නො සන්සුන්තාවකි; රාජ්‍යයෝ වැටී යති; උන්වහන්සේ උස් හඬ නගන සේක, පොළොව උණුවී යයි. සේනාංකාධිපති ස්වාමින්වහන්සේ අප සමඟ ය. යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බළකොටුව ය. සෙලා





