ගීතාවලිය 41:1-4
ගීතාවලිය 41:1-4 SCV
දුබලයින් සලකන්නා භාග්‍යවන්තයෙකි; විපත් අවස්ථාවන්ගෙන් ස්වාමින්වහන්සේ ඔහු ගලවන සේක. ස්වාමින්වහන්සේ ඔහු සුරකින සේක; ඔහුගේ ජීවිතය රකිනා සේක; ඔහු දේශයෙහි ආශිර්වාද ලද්දකු වන අතර උන්වහන්සේ සතුරන් අතට ඔහු හසු කරන්නේ නැත. ඔහුගේ ගිලන් යහනේදී ස්වාමින්වහන්සේ ඔහුට උපස්ථාන කරන සේක; ඔහුගේ රෝග තත්වයෙන් ඔබ ඔහු මුළුමනින් සුව කරන සේක. “අහෝ ස්වාමින්වහන්ස, මට දයා වුව මැනව, මා සුව කළ මැනව, මම ඔබට එරෙහිව පව් කර ඇත්තෙමි” යි මම යැදීමි.





