ගීතාවලිය 37:9-13
ගීතාවලිය 37:9-13 SCV
මන්ද දුෂ්ටකම් කරන්නෝ සිඳ දමනු ලබන්නෝ ය. එහෙත් ස්වාමින්වහන්සේ උදෙසා බලා සිටින්නෝ දේශය උරුම කර ගන්නෝ ය. ටික කලකින් දුෂ්ටයෝ අතුරුදහන් ව යති; ඔබ ඔවුන් ගැන සොයා බැලුවත් ඔවුන් තවත් නැත. එහෙත් මෘදු ගුණ ඇත්තෝ, දේශය උරුම කර ගනිති; ඔවුහු සෞභාග්‍යය, සාමයෙන් භුක්ති විඳිති. දුෂ්ටයෝ දමිටුනට එරෙහිව කුමන්ත්‍රණ කරමින්, ඔවුන් දෙස බලා දත්මිටි කති. එහෙත් සමිඳාණෝ දුෂ්ටයනට සිනාසෙන සේක; ඔවුන්ගේ ඉරණම් දවස ළඟ බව උන්වහන්සේ දන්නා සේක.





