ගීතාවලිය 37:7-9
ගීතාවලිය 37:7-9 SCV
ස්වාමින්වහන්සේ ඉදිරියේ සන්සුන් ව, ඉවසිලිවත් ව සිටින්න! මිනිසුන් තමන්ගේ මාර්ගවල සඵල වෙද්දී, ඔවුන් තම දුෂ්ට උපාය මාර්ග ක්‍රියාත්මක කරද්දී, නො කලකිරෙන්න. කෝපවීමෙන් වළකින්න: උදහස අතහරින්න; නො කලකිරෙන්න; කලකිරීමෙන් වන්නේ නපුරට යොමුවීම පමණි. මන්ද දුෂ්ටකම් කරන්නෝ සිඳ දමනු ලබන්නෝ ය. එහෙත් ස්වාමින්වහන්සේ උදෙසා බලා සිටින්නෝ දේශය උරුම කර ගන්නෝ ය.





